He Changed My Life.. බෝනස්
•
•
•
මගේ හිත හැමවිටම
සොයුරු ප්‍රේමය පැතුවේ...
කුඩා කල සිටම මට
එය ඉතින් නැහැ ලැබුනේ...
ටික දිනක සිට ලැබෙන
ඔබේ පෙම මගෙ අයියේ...
හදවතට සුවය දෙන
සැනසුමක් ඇති කෙරුවේ...යලිත් කිසිදා ඉතින්
නුඹේ පෙම නොමැතිවම...
ඉන්නටත් මට බැහැනේ
දන්නවද මගේ සොයුර...
මියෙන තුරු අපි ඉතින්
එකට ලං වී මෙලෙස...
රකිමු අපේ බැඳීමත්
බිදින්නට නොහැකි ලෙස...හේසුගෙන් 💙
යීබෝට...💚පුංචි කල ඔබට කල
නපුරුකම් ගැන මෙමට...
දැනුණි පසුතැවීමක්
රෝගී වි සිටින විට...
ආදරය කරන්නට
ඕනි වූවත් ඔබට...
වෛර පමණක් කලේ
ආදරේ සඟවාන...යලිත් කිසිදා ඉතින්
මගේ මල්ලි මා නුඹට...
දුකක් නම් නොදෙන්නෙමි
ජිවිතේ පුරාවට...
අයියා ලෙස මඟහැරුනු
සෑම වඟකීමක්ම...
නුඹ කෙරේ ඉටු කරමි
සෙනෙහසින් හැමදාම...යීබෝගෙන් 💚
හේසුට...💙~ ✍️ සෙනූ ~
( සහෝදර බැදීම කියන්නේ හරි පිරිසිදු ලස්සන බැදීමක්.. ලේසියෙන් කඩන්න බිදින්න බැරි බැදීමක්.. ඉතින් කතාව පුරාම ලියවිලා තියෙන ලස්සන බැදීම හරි ලස්සනට අකුරු කරේ අපේ සෙනූ මැණික.. ඔයා හරිම ලස්සනට මේ පදවැල ගොතලා තියෙනවා බබී.. )
•
•
අලුත් දවසක ලස්සන ආරම්භයක්... අලුත් බලාපොරොත්තුවක් එක්ක ලස්සන ජීවිතයක්... යීබෝගේ ලා කහ පාට කමිසෙ බොත්තම් ඔක්කොම පියවපු චාන් යීබෝගේ කොලර් එක හරියට හැදුවෙ යීබෝ චාන් දිහාම ඇහි පිල්ලමක් වත් නොගහා බලන් ඉද්දී...
ඔව් අද තමයි දවස.. යීබෝ මනුස්සයෙක් වගේ තමන්ගෙම ඔෆිස් එකේ වැඩට යන... ඒ වගේ ලස්සන දවසක් යීබෝට ලැබුනේ කවුරු නිසාද.. කදුළු පිරිලා තිබ්බ තමන්ගේ සැමියගේ ඇස් වලින් කියවෙන්නේ මොන වගේ කතාවක්ද.. චාන් ඒ ඇස් දිහාම බලාගෙන ඒ ඇස් කියවන්න පටන් ගත්තා...
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්‍රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...