Part 22

1.2K 229 116
                                    

He Changed My Life.. බෝනස්

ආදරයක් දැණුනේ හිතට
නමුත් එය අන්සතු වෙලා...
දන්නවා වුවත් එය හොදින්
පිලිගන්න මට බැරි වුනා...
ඔබේ ඔය හුරතලේ දැන්
සදහටම මට නැති වුනා...
හිත හදාගන්නට අවැසි වුවත්
තවත් නුඹ වෙත ලං වුනා...

නුඹ මගේ සොයුරගෙයි
එය ඉතින් මං දන්නවා...
නමුත් හදවත කියන්නේ
නුඹ අයිති මටමයි කියා...
දැණුන ආදරේ වැරදිදෝ
කියන්නකෝ දැන් මට ඔයා...
ඇත්තටම මං ආදරෙයි
පිලිගන්නවද එය ඔයා...

කෙසේ හෝ හිත හදාගන්නම්
නුඹව මට හිමි නැති නිසා...
ටික කලක් දෙ⁣නවදෝ එයට
මාව අතහැර නොයා....
දුකක් නැති බව කියන්නට බෑ
එය ඉතින් බොරුවක් නිසා...
අහිමි වූවත් දරාගන්නම්
එය ඉතින් ආදරේ හැටි නිසා...

හේසුගෙන්
ජාන්ට...

- සෙනූ -
(හැමදාම හේසුගේ ඔලුව කන්න ලෑස්ති වෙලා හිටපු සෙනුවා.. හේසුට ගහපු කම්බුල් පාරේ අයිතිකාරී...මෙන්න හේසූ වෙනුවෙන් කවි ලියනවා... )

💚 හේසූ.. ලොකුවට ආ කියනවා..

💙 ම්...

💚 හරකෝ.. තෝ ඕක දිහා බලාගෙන ඌරූ පු# වගේ කට ඇරියට බත් කට දාන්න බෑ මට.. ඇරපිය හොදට... චාන්.. ආයේ කියන්නේ නෑ මන් ඔයාටත් හොදේ...

❤️ හබී....🥺

දවල්ට කන්න කෑමත් දීලා වන්ග් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඔෆිස් එකට ගිය නිසා යීබෝ චාන් එක්කලා හේසුව බලාගන්න නැවතුනා.. යීබෝ කවද්දි චාන් කරේ තමන්ගෙ ෆෝන් එකෙන් ෆනී ෆිල්ම් එකක් දාපු එක... ලෙඩ ඇදේ චාන් එක්ක හේසු වාඩි වෙලා ඉද්දි යීබෝ කවනවා.. චාන්ට ඉතින් මේ ලෝකේ සිහියක් නැතුව හිනා යද්දි ලෙඩාගේ අංගෝපාංග ගැලවිලා යන තරම් හයියෙන් පාරවල් දෙක තුනකුත් වදිද්දී යීබෝ දෙපාරක් තුන් පාරක්ම බැන්නත් හරියන්නෙ නෑ.. ඔක්කෝටම හපන් හේසූ..

හේසූ ෆෝන් එක දිහා බලන් කට පොඩ්ඩක් අරිද්දි බත් ඇට දහයයි කටට යන්නේ...චාන් නම් මෝරා වගේ කට අරිනවා හැබැයි බඩට යනවද කියලා කොල්ලා දන්නෙත් නෑ.. හිනා වෙනවා විතරනේ...

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now