Chapter 3

2.8K 556 136
                                    

"රෝසි!!" රෝසි එනකම් cafeteria එක ඉස්සරහට වෙලා බලාගෙන හිටපු ජන්ග්කුක් රෝසිව දැක්ක ගමන් දුවගෙන ගිහින් කෙල්ලගෙ ඇඟට පැන්නා.

"යාහ් අලියෝ.. තමුසෙ බරයි මිනිහෝ." ඇඟේ එල්ලිලා ඉන්න muscle bunny ව අයින් කරන්න දඟලන ගමන් රෝසි කෑගැහුවා.

"ආහ් මං ඉන්නෙ කියාගන්න බැරිතරම් සතුටකින් ඕයි."

"ඇයි ඊයෙ ප්‍රොෆෙසර් කිම්ව හීනෙන්වත් දැක්කද?" රෝසි ඇස් රෝල් කරන ගමන් ඇහුවෙ ජන්ග්කුක් උඩ පැනගෙන ඇවිත් සාමාන්‍යයෙන් කියන්නෙ ඔය වගේ දෙයක් නිසා.

"හීනෙන් නෙවෙයි හැබැහින්ම දැක්කා.. ඔයා විශ්වාස කරන එකක් නෑ රෝසි, ඒත් දැන් ප්‍රොෆෙසර් කිම් කියන්නෙ මගෙ neighbor." ඔන්න ඒ පාර නම් රෝසිගෙ සම්පූර්ණ අවදානය ජන්ග්කුක් වෙතට යොමුවුණා.

"මොකක්ද මොකද්ද ඒ කතාවෙ තේරුම?"

"ඊයෙ මං අළුත් apartment එකට ගියානෙ. යද්දිම පොඩි කෙල්ලෙක් මගෙ ඇඟේ හැප්පිලා මාත් එක්ක රණ්ඩුවට ඇවිත් මාව තල්ලු කරත් එක්ක."

"අපෝ.. තමුසෙ ගියපු ගමන් පොඩි එකෙක් එක්ක රණ්ඩුවක් ඇදගත්තද?"

"මං නෙවෙයි ඒ කෙල්ල තමයි රණ්ඩුවට ආවෙ." ජන්ග්කුක් තොල් උල් කරගත්තා.

"ඉතින් ඉතින්?"

"විශ්වාස කරන්න බැරි උනත් මගෙ ගැලවුම්කාරයා විදිහට ආවෙ ප්‍රොෆෙසර් කිම්. එයා මට නැගිටින්න අතත් දුන්නා. මගෙ බෑග් ටික apartment එකට අරන් යන්න උදව් කරා. එයා තමයි මට දොර ඇරලා දුන්නෙත්.. තව ඩිනර් එකටත් මට invite කරා." ජන්ග්කුක් එකදිගට කියවගෙන යද්දි රෝසි ඇස් දෙකත් ලොකුකරන් ජන්ග්කුක් දිහා බලන් හිටියෙ පුදුමෙන්.

"ශුවර් නේද ඕක හීනයක් නෙවෙයි කියලා."

"ආයිශ්.. නෑ මෝඩියේ. ඇත්තටම මගෙ හැන්ඩ්සම් ඩැඩී මාව ඇල්ලුවා."

"ඒත් එකපාරටම ප්‍රොෆෙසර් කිම් ඔයා එක්ක එච්චර ළංවුණේ කොහොමද? I mean ප්‍රොෆෙසර් කිම් කා එක්කවත් වැඩිය කතා කරන්නෙ නෑනෙ."

"ආ.. මං කිව්වෙ අර කෙල්ල.. එයා ප්‍රොෆෙසර් කිම්ගෙ දුව."

"ආආ.. දැන්නෙ මට තේරුණේ. ප්‍රොෆෙසර් කිම් දුව වෙනුවෙන් සමාව ගන්න තමයි ඔක්කොම කරලා තියෙන්නෙ. ඔයා ඕවා ගැන වැඩිය හිතන්නෙපා මගෙ මිතුර. නැත්නම් පස්සට දුක් වෙන්න වෙයි." රෝසි ජන්ග්කුක්ගෙ කම්මුල් දෙක තදකරගෙන දුකෙන් වගේ කිව්වම ජන්ග්කුක් රෝසිගෙ අත් දෙකට ගහලා එයාගෙ කම්මුල් දෙක නිදහස් කරගත්තා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now