Chapter 19

3.3K 567 281
                                    

"ඩෑඩ් ශොපින්ග් මෝල් එක ගාවින් නවත්තන්නකෝ.. බනීටයි මටයි ගන්න දේවල් ටිකක් තියෙයි."

"දැන්??"

"ඔව්...දැන්."

ටේහ්‍යුන්ග් පුරුදු වෙලාවටම ආරාව ඉස්කෝලෙන් ගන්න ආවා. ජන්ග්කුක්ගෙ ලෙක්චර්ස් එදා කලින්ම ඉවර උනු නිසා එයත් ටේහ්‍යුන්ග් එක්ක ආරාව ගන්න ඉස්කෝලෙට ආවා. ඒ එන අතරමගදි තමයි ආරා shopping mall එක ගාවින් නවත්තන්න කියලා කිව්වෙ. ටේහ්‍යුන්ග් මුකුත් නොකියා කාර් එක නවත්තලා ජන්ග්කුක් අතට එයාගෙ කාඩ් එක දුන්නා.

"බබීට ඕනෙ දෙයක් අරන් දෙන්න."

"හ්‍යුන්ග් කාඩ් එක තියාගන්න.. මං බබීට අරන් දෙන්නම්." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ කාඩ් එක ආයෙමත් එයා අතට දෙන්න හැදුවත් ටේහ්‍යුන්ග් බලෙන්ම ජන්ග්කුක්ගෙ කලිසම් පොකට් එකට කාඩ් එක එබුවා.

"හ්‍යුන්ග් එන්නෙ නැද්ද අපි එක්ක??" ටේහ්‍යුන්ග් කරපු දේ නිසා ලැජ්ජාවෙන් රතු උනු ජන්ග්කුක් බිම බලාගෙන ඇහුවා.

"ඔයා බබී එක්ක යන්න.. මට තව ටිකකින් ලෙක්චර් එකක් තියෙයි. ඒක ඉවරවෙලා මං ඔය දෙන්නව ගන්න එන්නම්."

"අපිට එච්චර වෙලාවක් යන්නෙ නෑ.."

"බබීගෙ හැටි මම දන්නවනේ. මගෙ ලෙක්චර් එක පැය දෙකකින් ඉවරයි. මං ඉක්මනට එන්න බලන්නම්. ඔය දෙන්නා කලින් ඉවර උනොත් ටැක්සි එකක යන්න."

"යමු බනී.. ඩෑඩ් එන්නෙ නැති එක කොහොමත් හොඳයි. එයත් එක්ක ගියාම නිදහසේ තෝරන්නවත් බෑ." ආරා ටේහ්‍යුන්ග්ට දිව දික්කරලා කාර් එකෙන් බැස්සා.

"අපි යන්නම් හ්‍යුන්ග්.."

"හ්ම්ම් පරිස්සමෙන්."

ටේහ්‍යුන්ග් ගියාට පස්සෙ ආරා ජන්ග්කුක්ගෙ අතින් ඇදන් මෝල් එකට ඇතුල් වුණා.

"ප්‍රින්සස්ලගෙ ගවුම් මොන පැත්තෙද තියෙන්නේ?" ජන්ග්කුක් ඇහුවම ආරා ජන්ග්කුක්ගෙ අතින් ඇදගෙන එක ශොප් එකකට ගියා.

"ආව්.." ලස්සනට දිලිසි දිලිසි තියෙන ගවුම් දැක්කම ජන්ග්කුක්ටත් ආසා හිතුනා.

"අපි ඩෑඩ්ට තෝරන්නෙ මොනවගේ එකක්ද??" ආරා ඉනට අත්දෙක තියාගෙන ඇහුවම ජන්ග්කුක් ටික වෙලාවක් කල්පනා කරා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now