Chapter 32 [Epilogue]

4.9K 691 656
                                    

7 years later,

"ඩෑඩ්, බනී.. මේ පාක් ජිමින්.. මගෙ බෝයිෆ්‍රෙන්ඩ්." එයාට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්න හිනාවෙන ඇස් තියෙන සෙක්සි කියුට් බෝයිව අඳුන්වලා දෙන ගමන් ආරා කිව්වා.

"ආරා ඔයාට බෑ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයාගන්න." ටේහ්‍යුන්ග්ගෙ කටහඬ ඕනෙවටත් වඩා ගැඹුරු වුණා. එයා ඇත්තටම හිටියෙ තරහින්.

"ටේ.. මෝඩ වෙන්නෙපා." ජන්ග්කුක් මේසෙ යටින් ටේහ්‍යුන්ග්ගෙ කලවා උඩින් අත තියලා එයාව සන්සුන් කරන්න උත්සාහ කරා.

"හායි ජිමින්!" ජන්ග්කුක් එයාගෙ බනී හිනාවෙන් ජිමින්ව පිළිගත්තා.

"මේ ඔයාගෙ ඔප්පද??" ජිමින් ජන්ග්කුක්ට හිනාවෙලා ආරාගෙන් ඇහුවම ආරා ඔලුව දෙපැත්තට වැනුවා.

"නෑ.. මේ මගෙ පපා.. ජොන් ජන්ග්කුක්. මේ මගෙ ඩෑඩ්..කිම් ටේහ්‍යුන්ග්." ආරා ඒ දෙන්නව අඳුන්වලා දුන්නා.

"ඔහ්.. පපා මෙච්චර තරුණ ලස්සන කෙනෙක් උනේ කොහොමද?" ජිමින් ජන්ග්කුක් දිහා බලලා ඇදලා පැදලා එහෙම ඇහුවම ටේහ්‍යුන්ග්ගෙ ඉවසීමේ සීමාව පැන්නා.

"ඩෝන්ට් ලුක් ඇට් මයි වයිෆ්.. හී ඊස් මයින්." ටේහ්‍යුන්ග් කිව්වා නෙවෙයි ගෙරෙව්වා කිව්වොත් හරි.

"බේබි, ඔයාගෙ පපාට වඩා ඔයාගෙ ඩෑඩ් නම් ඇත්තටම නාකි පාටයි.. සමහරවිට ඉක්මනට කේන්ති යන නිසා වෙන්නැති." ජිමින් ටේහ්‍යුන්ග්ගෙ තරහ තඹේකටවත් මායිම් නොකර ඇහුවම ටේහ්‍යුන්ග්ගෙ ඇස් ලේ පාට ගැන්වුණා.

"මොකද්ද තමුන් කිව්වෙ?" ටේහ්‍යුන්ග් පැනලා ජිමින්ගෙ බෙල්ලෙන් අල්ලගන්න ගියත් ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ග්ගෙ අතකින් අල්ලගෙන ආපස්සට ඇදලා ගත්තා.

"ටේ.. කාම් ඩවුන්. ඔයා ගැන විස්තර කියන්න ජිමින්." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ අත තදින් අල්ලගෙන ජිමින් දිහාට හැරුණා.

"උම්ම්.. පපා කියන්න නම් මට නිකන් මොකද්ද වගේ.. මං ඔයාට හ්‍යුන්ග් කියන්නද??"

"Chim, stop flirting with my papa. ඔයා ඩෑඩ්ගෙන් ගුටිකන්න හදන්නෙ ඔය." ආරා හිනාවෙවීම ජිමින්ගෙ අතට එකක් ගැහුවෙ ටේහ්‍යුන්ග් ගැන හොඳට දැනගෙන හිටපු නිසා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now