Chapter 16

3.1K 569 103
                                    

"ම්ම්හ් හ්‍යුන්ග්.." ජන්ග්කුක්ගෙ කෙඳිරිලි හඬට ටේහ්‍යුන්ග් ගැස්සිලා ඇස් ඇරියා. ඒ වෙලේ තමයි ටේහ්‍යුන්ග් දැක්කෙ එයා ජන්ග්කුක්ව තුරුල් කරන් නිදාගෙන ඉන්නෙ කියලා. ටේහ්‍යුන්ග් හිමීට ජන්ග්කුක්ගෙන් ටිකක් ඈත් උනත් මෙච්චර වෙලාවක් දැනුනු උණුසුම නැති වෙද්දි ජන්ග්කුක් කෙඳිරි ගාලා ටේහ්‍යුන්ග් දිහාට හැරුණා. තමන් දිහා බලාගෙන ඉන්න බයවුණු ලොකු ඇස් දැක්කම ජන්ග්කුක්ගෙ ඇසුත් බෝල වුණා. ඒත් ඊයෙ දවස මතක් උනාම ජන්ග්කුක්ගෙ මූණ ලස්සන බනී හිනාවකින් එළිය වුණා.

"ගුම් මෝනිම් හ්‍යුන්ගී.."

"අහ්.. ගුඩ් මෝනින් බේ... නෑ ජන්ග්කුක්.." ටේහ්‍යුන්ග් බේබි කියලා කියන්න ගිහින් ජන්ග්කුක් කියලා කිව්වෙ කියලා තේරුණාම ජන්ග්කුක්ගෙ තොල් උල් වුණා. ඒත් එයා මුකුත් නොකියා ඇඳෙන් නැගිටිද්දි ටේහ්‍යුන්ග්නුත් ඇඳෙන් බැස්සා.

"අද ඔයා කොලේජ් යනවා නේද?" ටේහ්‍යුන්ග් ඇහුවම ජන්ග්කුක් ඔලුව වැනුවා.

ඇඳෙන් බැහැලා කොට්ට ටික පිළිවෙළට තියලා ඇඳත් ලස්සනට අස් කරන ජන්ග්කුක් දිහා ටේහ්‍යුන්ග් ටික වෙලාවක් බලාගෙන හිටියා. ඇත්තටම ටේහ්‍යුන්ග්ට බැරි දේවල් ගොඩක් ජන්ග්කුක්ට කරන්න පුළුවන් වුණා.

"ඔයා එහෙනම් ලෑස්ති වෙලා එන්න.. අපි breakfast අරන් යමු. මං ඔයාව ඩ්‍රොප් කරන්නම්. ටිකක් කලින් එන්න.. ආරාව එයාගෙ ස්කූල් එකෙන් දාන්න ඕනෙ නිසා අපිට කලින් යන්න වෙයි."

"හරි හ්‍යුන්ග්ග්.."

ටේහ්‍යුන්ග් එයාට පිටුපාලා යන ජන්ග්කුක් දිහා බැලුවා. ටේහ්‍යුන්ග් ඊයෙ ජන්ග්කුක්ට දුන්නෙ එයාගෙ පරණ ශෝට් එකක්. ජන්ග්කුක්ගෙ ඉන ගොඩක් පොඩි නිසා ටේහ්‍යුන්ග්ගෙ දැන් තියෙන කලිසම් ජන්ග්කුක්ට ළංකරන්නවත් බෑ කියලා ටේහ්‍යුන්ග්ට තේරුණා. ටේහ්‍යුන්ග් highschool කාලෙදි ඇඳපු ශෝට් එකක් උනු ඒකට ජන්ග්කුක්ගෙ කිරි සුදුපාට කකුල් වල සෑහෙන ප්‍රමාණයක් නිරාවරණය වෙලා තිබුණා වගේම කලින් දවසෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ කලවා වල තියපු hickies පවා පේන්න තිබුණා. අනිත් අතට කොච්චර බෝලෙට හිටියත්, muscles තිබුණත් ජන්ග්කුක්ගෙ උරහිස් ටේහ්‍යුන්ග්ගෙ තරම් පළල් නැති නිසා ටේහ්‍යුන්ග්ගෙ ටීශර්ට් එක පවා ජන්ග්කුක්ව ගිලගෙන තිබුනේ. ඉතින් ඇත්තටම ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ ඇඳුම් වලට ගොඩක් හුරුබුහුටි විදිහට පෙනුනා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now