"ඔන්න ඔයාගෙ ස්වීට්හාර්ට් ඩැඩී කෙනෙක්ව හොයාගෙනලු." කාර් එක පාක් කරන්න ගාඩ් කෙනෙක්ට පවරලා Mr. Jeon ගේ ඇතුලට ආවෙ දුර ඉඳන්ම ඔම්මාගෙයි පුතාගෙයි හුරතලේ දිහා බලාගෙන හිනාවෙන ගමන්.
Mr. Jeon කියපු දේත් එක්ක ජන්ග්කුක්ගෙ ඔම්මා ඇසුත් ලොකුකරන් ජන්ග්කුක් දිහාට හැරෙද්දි අත් වල ඇඟිලි එකිනෙකට තද කරගන්න ගමන් ජන්ග්කුක් දත් තිස්දෙකම දාලා හිනා උනේ එයාගෙ ඔම්මාව ශේප් කරගන්න අදහසින්.
"මොකද්ද ඒ කතාවෙ තේරුම ස්වීට්හාර්ට්?" ජන්ග්කුක්ගෙ උරහිස් වලින් අත් තියලා එයාව තුරුලෙන් ඈත් කරපු ජන්ග්කුක්ගෙ ඔම්මා ඇහුවා.
"අනේ ඔම්මා.. ඔය අප්පා කියන්නෙ රෝසි විහිලුවට කියපු එකක්."
"රෝසි එහෙම කිව්වා නම් මෙතන අනිවාර්යයෙන්ම හොරයක් තියෙයි.." Mrs. Jeon ඉනට අත් දෙක තියන් ජන්ග්කුක් දිහා බැලුවම ජන්ග්කුක් අඬන්න වගේ මූණ හදාගත්තා.
"පොඩි එකාට ඉන්න දෙන්න යූනා." Mr. Jeon එයාගෙ වයිෆ්ට ඇහැක් ගහලා කිව්වෙ අනිවාර්යයෙන්ම ජන්ග්කුක්ගෙන් විස්තරේ පස්සෙ දැනගන්න පුළුවන් කියලා ඒ දෙන්නා හොඳටම දැනගෙන හිටපු නිසා. ජන්ග්කුක් කියන්නෙ ඒ දෙන්නට කිසිම බොරුවක් නොකරන කෙනෙක්. ජන්ග්කුක් gay කියලා පවා මුලින්ම කිව්වෙ එයාගෙ දෙමව්පියන්ට. පවුලෙ එකම දරුවා උනු ජන්ග්කුක්ට Mr. & Mrs. Jeon දෙන්නම ගොඩක් ආදරේ කරා. ඒ ආදරේ නිසාම ඒ දෙන්නා ජන්ග්කුක්ව පිළිගත්තා.
පුදුමයි නේද? ඔව්, තමුන්ගෙ නම්බුව වෙනුවෙන් දරුවන්ගෙ සතුට විනාස කරන දෙමව්පියො අතරෙ ජන්ග්කුක්ට හම්බවෙලා තිබ්බෙ දරුවගෙ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කැප කරන්න සූදානම් දෙමව්පියො දෙන්නෙක්. ඒ කියන්නෙ ජන්ග්කුක් ගොඩක් වාසනාවන්තයි. එහෙම නේද?"ඔයා තමයි ස්වීට්ව නරක් කරන්නෙ ජියොන්." ජන්ග්කුක්ගෙ තාත්තාට බොරුවට රවලා එහෙම කියපු යූනා ජන්ග්කුක් දිහාට හැරුණා.
"හරි අපි ඒක ගැන පස්සෙ බලමුකෝ. මං අද අපේ ස්වීට් කන්න ආස කෑම ජාති ගොඩක් හැදුවා. කෝ ගිහින් වොශ් දාලා එන්න."
"බනානා මිල්කීකීඊ??"
"ඔව් ඔව් බනානා මිල්ක් හැදුවා. නැත්නම් මෙතන විසුමක් වෙන්නෙ නෑනෙ." යූනා බොරු තරහකින් කිව්වම ජන්ග්කුක් එයාගෙ ඔම්මව බදාගෙන ඒ කම්මුලක් ඉම්බා.
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfiction🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...