Chapter 7

2.9K 571 182
                                    

දවස් දෙකක් ගෙවිලා ගියා. ජන්ග්කුක් මේ දවස් දෙකේම ටේහ්‍යුන්ග්ගෙ ගෙදර ගියෙ නෑ. වෙන මුකුත් නෙවෙයි එදා උනු ලැජ්ජාව නිසා. අනික එයාට තේරුණා ආරා ජන්ග්කුක් ප්‍රොෆෙසර් කිම්ට කැමතියි කියලා දන්නවා කියලා. ඒ නිසා ජන්ග්කුක් ඊළඟ දවස් දෙකම අමාරුවෙන් උනත් ටේහ්‍යුන්ග්ගෙ ගෙදර නොයා හිටියා.
ඒත් තුන්වෙනි දවස වෙද්දි ජන්ග්කුක්ට ටේහ්‍යුන්ග්ව නොදැක ඉන්න බැරිවුණා. මොකද ටේහ්‍යුන්ග් එදා කොලේජ් ආවෙත් නෑ. ටේහ්‍යුන්ග්ගෙ ලෙක්චර් එක වෙන ලෙක්චරර් කෙනෙක් අරගෙන තිබ්බා. සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර් කිම් කියන්නෙ ලේසියෙන් ඇබ්සන්ට් නොවෙන කෙනෙක්. ඒ නිසා ජන්ග්කුක්ගෙ හිත ටිකක් කලබල වුණා.

ඒ නිසාම එදා හවස ඕනෙ දෙයක් උනු දෙන් කියලා ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ apartment එකට යන්න හිතුවා.

"ට්‍රීං ට්‍රීං"

ඩෝ බෙල් එක රින්ග් වෙලා ටිකකින් ටේහ්‍යුන්ග් ඇවිත් දොර ඇරියා. ටේහ්‍යුන්ග්ගෙ පෙනුමට ජන්ග්කුක් ගැස්සිලා ගියා. ටේහ්‍යුන්ග්ගෙ මූණ දැක්කම අනිවාර්යයෙන්ම මොකක් හරි නරක දෙයක් වෙලා තියෙයි කියලා ජන්ග්කුක්ට හිතුණා. ඒ ඇස් අඳුරු වෙලා, ලා රෝස තොල් එකිනෙකට තදවෙලා. ටේහ්‍යුන්ග්ගෙ මූණ බලන්න බය හිතෙන තරම් තරහින් පිරිලා තිබුණා.

"අහ් ජන්ග්කුක්, එන්න ඇතුලට." ටේහ්‍යුන්ග් දොර සම්පූර්ණයෙන්ම ඇරියම ජන්ග්කුක් ගෙට ඇතුල් වුණා. ඒත් එක්කම ජන්ග්කුක්ගෙ ඇස් ගියෙ කවුච් එක උඩ ඉඳගෙන ඉන්න ආරා දිහාවට. කෙල්ලගෙ මූණ බෙරිවෙලා, ඒ ඇස් බයෙන් පිරිලා තියෙනවා දකිද්දි ජන්ග්කුක්ට තේරුණා ටේහ්‍යුන්ග් අනිවාර්යයෙන්ම ආරාට බැනලා තියෙනවා කියලා.

ජන්ග්කුක් හිමින් හිමින් ගිහින් ආරා ළඟින් ඉඳගනිද්දි ටේහ්‍යුන්ග්නුත් දොර වහලා ඇවිත් ඒ දෙන්නා ඉස්සරහින් නැවතුණා.

"ජන්ග්කුක් ආවෙ මොනවහරි උවමනාවකටද?" ජන්ග්කුක් ඒ වෙලේ දැක්කෙ එයාට දැකලා පුරුදු, හැඟීම් විරහිත නපුරු ප්‍රොෆෙසර් කිම්ව මිසක් මේ දවස් කීපයේ දැකපු එයාගෙ ආදරණීය ටේහ්‍යුන්ග් නම් නෙවෙයි.

"ම්.. මං මේ.. ප්‍රොෆෙසර් කිම්.. අද කොලේජ් ආවෙ නැති නිසා.. අ..අසනීපයක්වත්ද කියලා බලන්න.. ආවෙ." ජන්ග්කුක් බයෙන් බයෙන් උත්තර දුන්නම ටේහ්‍යුන්ග් නළල පොඩි කරගත්තෙ එයාව සන්සුන් කරවගන්න අදහසින්.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now