Chapter 25

3.1K 567 478
                                    

A/N; ඩබල් අප්ඩේට් ඉල්ලපු අය.. පැය 24ක් ඇතුලත දුන්නු නිසා ඩබල් අප්ඩේට් කියලා හිතාගන්න හොඳේ.😪😁

•°•°•°•°•°•°•°•°•°•°•°•°••°•°•°•°•°•°•°•°•°•°•°•

නාරි හවස එන්නම් කියලා සමුගෙන යද්දි ඒ කිසිම දෙයක් අවදානයකින් අහන් නොහිටපු ටේහ්‍යුන්ග් පුළුවන් ඉක්මනට කොලේජ් එකට ආවෙ ජන්ග්කුක් එක්ක කතා කරන අදහසින්.

ඒත් ටේහ්‍යුන්ග්ගෙ බලාපොරොත්තු සුන් කරමින් ජන්ග්කුක් මුළු දවසම ටේහ්‍යුන්ග්ව යස අගේට මඟ ඇරියා. ටේහ්‍යුන්ග්ගෙ ඉවසීම නැත්තටම නැතිවෙලා යද්දි ටේහ්‍යුන්ග් තමුන් මේ කොලේජ් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් නේද කියන කාරණයත් අමතක කරලා දාලා ළමයි ඉන්න තැනකදිම ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගෙන එයාව නවත්තගන්න හැදුවත් කොහොමහරි ටේහ්‍යුන්ග්ගෙ ග්‍රහණයෙන් ගැලවුණු ජන්ග්කුක් එතනින් දිව්වා. නාරිගෙ මූණ මතක් වෙද්දි ජන්ග්කුක්ට ටේහ්‍යුන්ග් එක්ක කතා කරන්න බය හිතුණා. එයා බයවුණා එයාට ටේහ්‍යුන්ග්වයි ආරාවයි ආයෙමත් නාරිට දෙන්න වෙයි කියලා. ඒ නිසයි ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව මඟ අරින්නෙ.

"මේ ඉන්නෙ fucking slut.." ටේහ්‍යුන්ග්ගෙන් බේරිලා ඇවිත් වොශ්රූම් එකේ බිත්තියට හේත්තුවෙලා බිම ඉඳගෙන අඬමින් හිටපු ජන්ග්කුක් ඒ හඬට ගැස්සිලා ගියා. ඔලුව උස්සලා බැලුවම ජන්ග්කුක් දැක්කා කොලේජ් එකේ ඉන්න homophobic මැරයො සෙට් එකක් එයාව වට කරන් ඉන්නවා.

"professor kimගෙ slut.. කොහොමද ඉතින්?" එක කොල්ලෙක් ඇහුවම ජන්ග්කුක් මුකුත්ම නොකියා බිම බලාගත්තා. එයා ඒ වෙලාවෙ හිටියෙ කොහෙවත් යන fucking homophobicsලා සෙට් එකක් එක්ක ගැටෙන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි.

"මූ මෙච්චර අඬන්නෙ ප්‍රොෆෙසර් කිම් මුට ආයෙ ෆක් කරන්නෙ නෑ කියලවත්ද?" එක කොල්ලෙක් ඇහුවම අනිත් හැමෝම හයියෙන් හිනාවුණා.

ජන්ග්කුක් බිම බලාගෙනම හිටියෙ ඒ වචන වලට එයාගෙ හිත තවත් පෑරෙද්දි.

"මූ මහ බෝරින් බං. ගෑණියෙක් වගේ අඬනවා විතරයි." එක කොල්ලෙක් ජන්ග්කුක්ව කකුලෙන් තල්ලු කරලා කිව්වම ජන්ග්කුක් බිමට වැටුණා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now