"බබී ඔයා ලෑස්තියිද?"
"මේ පෝනිටේල් එක දාගන්න බෑනෙ මට.." ආරා එයාගෙ කාමරේ ඉඳන් නහයෙන් ඇඬුවා.
"හ්‍යුන්ග්.. හදිස්සියක් නෑනෙ. හිමීට ලෑස්ති වෙන්න. ආරාට එන්න කියන්නකො. මං එයාගෙ පෝනිටේල් එක දාලා දෙන්නම්." ජන්ග්කුක් කිව්වෙ කලබලෙන් එහාට මෙහාට දුවන ටේහ්‍යුන්ග් දිහා බලලා.
"කලබල නොවී කොහොමද? අද මගෙ බේබිගෙ graduation එක.. එයා දැන් බිග් බෝයි කෙනෙක්." ටේහ්‍යුන්ග් කිව්වම ජන්ග්කුක්ගෙ කම්මුල් රෝස පාට වෙලා ගියා.
"ඔහ් නෝ.. දැන්ම රතුවෙන්න එපා. මට වෙන වෙන දේවල් කරන්න හිතෙනවා." ඒ කලබලේ අස්සෙත් ටේහ්‍යුන්ග්ගෙ dirty joke නම් නැති උනේ නෑ.
"හ්‍යුන්ගී.. ඔයා නම් ඇත්තටම වල්."
"මං ඒක දන්නවා බේබි. ටිකක් ඉන්න.. මං ආරාට එන්න කියලා එන්නම්. ඔම්මයි අප්පයිත් තව ටිකකින් එයි." ජන්ග්කුක්ගෙ පිම්බුනු කම්මුලක් උඩින් තොල් තදකරපු ටේහ්‍යුන්ග් කාමරෙන් එළියට දිව්වෙ ආරාව එක්කගෙන එන්න.
කොහොමින් කොහොමහරි කලබල ගොඩක් අස්සෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්වත් වඩාගෙන ඇවිත් එයාගෙ කාර් එකේ පැසෙන්ජර් සීට් එකෙන් තිබ්බා.
"අප්පා ඔයා බේබිගෙ wheelchair එක ගත්තා නේද??"
"ඔව්.. ඒක මං කාර් එකේ බැක්සීට් එකෙන් තිබ්බා."
"එතකොට බබී කෝ??"
"මං ග්‍රෑන්ඩ්මායි ග්‍රෑන්ඩ්පායි එක්ක එන්නම් ඩෑඩ්. ඔයා ඔයාගෙ බේබි එක්ක එන්න." යූනාගෙ අතේ එල්ලිලා ආරා කෑගැහුවා.
"මේ කෙල්ල නම්.."
"ආරා බේබිව අපි දෙන්න එක්ක එන්නම්. ඔයා ස්වීට් එක්ක යන්න.."
"හරි අප්පා. පරිස්සමෙන්."
"හ්ම්ම් ඔය දෙන්නත් පරිස්සමෙන්." Mr. Jeon ටේහ්‍යුන්ග්ගෙ උරහිසට තට්ටුවක් දාලා ගිහින් එයාගෙ කාර් එකට නැග්ගට පස්සෙ ටේහ්‍යුන්ග්නුත් එයාගෙ කාර් එකට නැගලා කාර් එක ස්ටාට් කරලා පාරට දැම්මා. හැබැයි ටේහ්‍යුන්ග් කාර් එක ඩ්‍රයිව් කරේ පරිස්සමෙන් වගේම හිමින්. මොකද එදා සිද්ද උනු අනතුර ටේහ්‍යුන්ග්ගෙ හිතේ තාම හොල්මන් කරා.
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfic🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...