ජන්ග්කුක් සුපුරුදු විදිහටම සින්දුවක් මුමුණන ගමන් ඩිනර් එක ලෑස්ති කරා.
"හ්‍යුන්ගී.. කෑම හදලා ඉවරයි. බබීව ඇහැරවමු නේද?" ටේහ්‍යුන්ග් කිචන් එකේ ඉඳන් කෑගැහුවත් ටේහ්‍යුන්ග්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු තැන ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව හොයාගෙන එයාගෙ රූම් එකට ගියා. ටේහ්‍යුන්ග් කාමරේ නැති උනත් බැල්කනි එකේ දොර ඇරලා තිබුණු නිසා ටේහ්‍යුන්ග් එළියෙ ඇති කියලා ජන්ග්කුක්ට හිතුනා. ඒත් බැල්කනි එකට ළංවෙන්න ළංවෙන්න ජන්ග්කුක්ට cigarette දුම දැනෙද්දි ඒ සැරට එයාගෙ නහය හැකිලුණා.
"හ්‍යුන්ග්.. මොනාද ඔය කරන්නේ?" ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ අතින් ඇද්ද පාර ටේහ්‍යුන්ග්ගෙ ඇඟිලි අතරට හිරවෙලා තිබුණු cigarette එක විසිවෙලා ගිහින් බිමට වැටුණා. ජන්ග්කුක් තරහින්ම cigarette එක කකුලෙන් පොඩි කරා.
ජන්ග්කුක් තරහින් ටේහ්‍යුන්ග් දිහා බැලුවත් ටේහ්‍යුන්ග්ගෙ අඳුරු වෙලා තියෙන තියුණු ඇස් වල බැල්මට ජන්ග්කුක්ව වෙව්ලලා ගියා.
"මොකද්ද ඒ කරේ??" ටේහ්‍යුන්ග්ගෙ හඬ ඕනෙවට වඩා සන්සුන් වෙද්දි ජන්ග්කුක්ගෙ කොඳු නාරටිය සීතල වෙලා යනවා ජන්ග්කුක්ට දැනුනා.
"Cigarette බොන එක හොඳ නෑ හ්‍යුන්ග්.. අනික බබී දැක්කා නම් මොනවා හිතයිද?" ජන්ග්කුක් හිතට ධෛර්යය අරන් කිව්වෙ ටේහ්‍යුන්ග් මෙතනදි වැරදියි කියලා එයාගෙ හිත කියපු නිසා.
"ඒකයි මං රූම් එකේ ඩෝ එක වහලා බැල්කනි එකට ආවෙ.."
"ඒත් හ්‍යුන්ග්.. කොහොම උනත් cigarette බොන එක health එකට හොඳ නෑ. අනික.. අනික මං කැමති නෑ හ්‍යුන්ග් cigarette බොනවට."
"ප්ලීස් ජන්ග්කුක්, සීමාවෙ ඉන්න. ඔයා මගෙ වයිෆ් නෙවෙයිනේ. ඒ නිසා පාඩුවෙ ඉන්න."
"මට පුළුවන් හ්‍යුන්ග්ගෙ වයිෆ් වෙන්න.."
"What the fuck is this?? තමුන්ට ලැජ්ජාවක් නැද්ද පිරිමියෙක් වෙලා තව පිරිමියෙක් ඉස්සරහ මෙහෙම වැඳ වැටෙන්න."
"හ්..හ්‍යුන්ග්ග්?" ජන්ග්කුක්ගෙ ඇස් වලට කඳුලු පිරෙද්දි ටේහ්‍යුන්ග් ඒ ඇස් මඟ ඇරලා අහක බලාගත්තා.
"යන්න මෙතනින්.."
"ප්ලීස් හ්‍යුන්ග්.."
"ජන්ග්කුක්!!"
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfic🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...