Chapter 24

3.2K 551 528
                                    

කාලය ගතවෙලා ගිහින් මාසයක් ගෙවුණා. ඒ කාලය ඇතුලත ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක් අතර තිබුණු බැඳීම එන්න එන්නම වැඩිදියුණු වුණා. එයාලා ඒ වෙද්දි ජීවත් උනේ ඇත්තම ෆැමිලි එකක් වගේ. ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක් අතර නිතරම සිදුවෙන ආදරණීය එකතුවීම් පවා ඒ වෙද්දි එයාලට ගොඩක් සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.
ඒත් එක දෙයක් තාමත් නොවෙනස්ව පැවතුණා. ඔව්, හැමදාම වගේ ජන්ග්කුක් එයා ආදරෙයි කියලා ටේහ්‍යුන්ග්ට කිව්වත් ටේහ්‍යුන්ග් අද වෙනකම් ජන්ග්කුක්ට ඒ වචන ටික කියලා තිබුණේ නෑ. ඒත්, ක්‍රියාවෙන්.. ඔව් ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ මුවින් ඒ වචන අහන්න තරම් වාසනාවන්ත නොවුණත් ඒ ආදරේ විඳින්න තරම් වාසනාවන්ත උනේ ටේහ්‍යුන්ග් ඒක එයාට ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්වපු නිසා.
ඒ නිසාම ටේහ්‍යුන්ග් එයාට තාමත් ආදරෙයි කියලා නොකියන එක ගැන ජන්ග්කුක් වැඩිය හිතන්න ගියෙ නෑ.

"ආහ් අදින් exam ඉවරයි." ආරා උදේම කාර් එකට නැග්ගෙ සතුටින් එහෙම කියන ගමන්.

"මගෙත් අදින් ඉවරයි."

"එහෙනම් අද රෑ පාටියක් දාමු.."

"අපි අද කොහෙහරි ගිහින් එළියෙන් ඩිනර් ගමු."

"දෙන්නා එක්ක එකතුවෙලා මගෙ දත තමයි ගලවන්න හදන්නෙ නේද?" මෙච්චර වෙලා නිහඬවම කාර් එක ඩ්‍රයිව් කරමින් හිටපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙයි ආරාගෙයි කතාවට බාධා කරා.

"ඔව් ඉතින්.. ඩෑඩ් ඉන්නෙ ඒකට තමයි." ආරා කොණ්ඩෙ ගස්සලා කිව්වම ජන්ග්කුක් හිනා උනත් ටේහ්‍යුන්ග් එයා දිහා බැලුවම ජන්ග්කුක් යටිතොල හපාගෙන බිම බලාගත්තා.

සුපුරුදු විදිහටම ආදරණීය සමුගැනීමකින් පස්සෙ ආරාව එයාගෙ ඉස්කෝලෙන් දාපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක් එක්ක කොලේජ් එකට ආවා.

"බේබි.." කාර් එකෙන් බැස්සට පස්සෙ ජන්ග්කුක් යන්න හැදුවත් ටේහ්‍යුන්ග් එයාව නතර කරගත්තා.

"ම්ම්?"

"අද මං එන්න ටිකක් පරක්කු වෙයි. ඔයා ගිහින් බබී එක්ක ලෑස්ති වෙලා ඉන්න. හවස ඔය දෙන්නගෙ පාටි එක වෙනුවෙන්." ටේහ්‍යුන්ග් එහෙම කියලා ජන්ග්කුක්ගෙ බෙල්ල වටේ අත යවලා එයාව ඉස්සරහට ළංකරගෙන නළලෙන් පෙක් එකක් තිබ්බා. ටේහ්‍යුන්ග්ට දැන් දැන් ඒ දෙන්නා ඉන්නෙ කොහෙද, ඒ දෙන්නා ප්‍රොෆෙසර් ඇන්ඩ් ස්ටුඩන්ට් නේද කියන දේවල් අමතක වෙමින් තිබුණා. ඒත් ටේහ්‍යුන්ග්ට ඒ දේවල් නිසා කිසිම බලපෑමක් එල්ල නොවුණත් ජන්ග්කුක්ට නම් ටේහ්‍යුන්ග් එක්ක තියෙන සම්බන්ධය ගැන කියලා සමහර ළමයි අපහාස කරා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now