Chapter 23

3.6K 550 200
                                    

දවස් තුනක් ගෙවිලා ගියා. ජන්ග්කුක් කොලේජ් පවා නොයා ටේහ්‍යුන්ග් එක්ක නැවතිලා ආරාගෙ තනියට හිටියා. දවස් තුනකින් පස්සෙ ආරාගෙ පීරියඩ්ස් නැවතුණා. ඒ නිසා ජන්ග්කුක් ටේහ්‍යුන්ග් එක්ක කතාවෙලා ආරා වෙනුවෙන් පුංචි පාටි එකක් ලෑස්ති කරා. ජන්ග්කුක්ට ඕනෙ උනේ මේ වෙලාවෙ ආරා තනිවෙලා නෑ කියලා එයට අඟවන්න.
ජන්ග්කුක් ආරාගෙ පාටි එක වෙනුවෙන් ආරා කැමතිම කෑම ජාති හැදුවා. ජන්ග්කුක්ට උදව් කරන ගමන් ටේහ්‍යුන්ග් ලස්සනට ගෙදර සරසද්දි ආරා එයාගෙ ඩෑඩ් ගෙනත් දීපු ලස්සනම ලස්සන ගවුමකින් සැරසුණා.

"හ්‍යුන්ගී.. මේ plates ටිකත් ගිහින් dining table එකෙන් තියන්නකෝ." ජන්ග්කුක් කිචන් එකේ ඉඳන් කෑගැහුවම ටේහ්‍යුන්ග් කර කර හිටපු වැඩේ පැත්තකට දාලා දුවගෙන ආවා.

"හ්‍යුන්ග් ඩෙකරේට් කරලා ඉවරද??" ටේහ්‍යුන්ග්ගෙ අතට plates ටික දෙන ගමන් ජන්ග්කුක් ඇහුවා.

"තව ටිකයි තියෙන්නෙ.. මං ඒක කරන්නම්. ඔයා ගිහින් දැන් ලෑස්ති වෙන්න."

"හරි එහෙනම්.. උදව්වක් ඕනෙ උනොත් කියන්න." ජන්ග්කුක් ඒප්‍රන් එක ගලවලා දාලා ටේහ්‍යුන්ග්ගෙ කම්මුලකටත් කිස් එකක් දීලා ටේහ්‍යුන්ග්ගෙ.. අහ් නෑ, ඒ දෙන්නගෙ රූම් එකට දිව්වා.

ඒ වෙද්දි ජන්ග්කුක්ගෙ බඩු වලින් බාගයක්ම තිබ්බෙ ටේහ්‍යුන්ග්ගෙ ගෙදර. ජන්ග්කුක් දවස් ගානකින් එයාගෙ apartment එකට ගිහින් තිබ්බෙ නෑ.

ඉක්මනට වොශ් එකක් දාගත්තු ජන්ග්කුක් ටේහ්‍යුන්ග් එයාට ගෙනත් දුන්නු නිල්පාට සිල්ක් ශර්ට් එක ඇඳලා කළු පාට tight jeans එකකින් සැරසුණා. අකීකරු කොණ්ඩෙ පැත්තකට කරලා පීරලා උඩට ඉස්සුවම ජන්ග්කුක්ගෙ පොඩි බබෙක්ගෙ වගේ මූණට කියුට් ලුක් එක වෙනුවට සෙක්සි ලුක් එකක් ආවා.

"බේබි, ඔයා ලෑස්තිද?" ටේහ්‍යුන්ග්ගෙ කටහඬ ඇහුනම ජන්ග්කුක් හැරිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"හ්ම්හ්.. කොහොමද මං ලස්සනයිද?" වටයක් කැරකිලා ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යුන්ග් අමාරුවෙන් කෙල පිඩක් ගිල්ලා.

"ඔ-ඔව්.. ගොඩක්.. sexy and pretty."

"එහෙනම් හ්‍යුන්ගි ලෑස්ති වෙලා ඉන්න. මං ආරාව බලලා එන්නම්." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව පාස් කරලා දුවන්න හැදුවත් ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ අතින් ඇදලා එයාගෙ පපුවට ළංකරගත්තා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now