Chapter 4

2.8K 591 147
                                    

විනාඩියක් යන්නත් කලින් ඉස්සරහ දොර ඇරුණා. හැබැයි ජන්ග්කුක් බලාපොරොත්තු උනු කෙනා නෙවෙයි එයාව පිළිගන්න ආවෙ. ඔව්, දොර ඇරියෙ ආරා. මුලින්ම ජන්ග්කුක්ට රවලා දොර හොඳටම ඇරලා එයාව ගේ ඇතුලට ගත්තත් ජන්ග්කුක් ඇඳගෙන හිටපු ඇඳුම දැක්ක ගමන් ආරා හයියෙන් හිනාවෙන්න ගත්තා.

"මොකද??" ජන්ග්කුක් තොල් උල් කරන් ඇහුවෙ ආරා මොකටද හිනාවෙන්නෙ කියලා හිතාගන්න බැරුව.

"නෑ.. ඔයා නිකන් මාෆියා කින්ග් වගේ හිටියට මොන්ටිසෝරි බබෙක්නේ." ආරා ආයෙමත් හිනාවෙන්න ගත්තෙ ජන්ග්කුක්ව කන්ෆියුස් කරවලා.

"ඇයි එහෙම කිව්වෙ?"

"ඔයාගෙ ඇඳුම දැක්කම මට එහෙම තමයි හිතෙන්නේ. මිස්ටර් බ්ලැක් බනී වෙනුවට පින්කි බනී කියලා නම චේන්ජ් කරන්න වෙයි වගේ." ආරා ආයෙමත් බඩත් අල්ලගෙන හිනාවෙන්න ගත්තා. ජන්ග්කුක්ට ඒ වෙලේ තමයි තේරුණේ එයා ඇඳගෙන ඉන්නෙ ගෙදරකට යන්න ගැලපෙන ඇඳුමක් නෙවෙයි කියලා. විශේෂයෙන්ම ප්‍රොෆෙසර් කිම්ගෙ ගෙදරට යන්න පුළුවන් ඇඳුමක් නෙවෙයි ඒක. ආපහු ගෙදරට දුවනවද?? ජන්ග්කුක් ආපහු දුවන්න හිතන් හැරුණා. ඒත්..

"ජන්ග්කුක්? ඔයාද ආවෙ?"

"ඔහ් ශිට්!" පිටිපස්සෙන් ඇහුණු හඬට ජන්ග්කුක් හිත හදාගෙන ආයෙමත් ඉස්සරහට හැරුණා.

ප්‍රොෆෙසර් කිම්ගෙ ඇස් ජන්ග්කුක්ගෙ ඇඟ පුරාම යනවා ජන්ග්කුක්ට දැනෙද්දි එයාට දැනුනා කම්මුල් රත්වෙලා යනවා.

"මොකෝ මේ රෝස පාට හා පැංචෙක් මෙහෙ කරන්නෙ?" ඒ තොල් මතින් පෙනෙන නොපෙනෙන ගානට ඇඳිලා තියෙන හිනාව දැක්කම නම් ජන්ග්කුක්ට සතුටු හිතුනා. ජන්ග්කුක්ට පුළුවන් උනා ලේසියෙන් හිනාවෙන්නෙ නැති ප්‍රොෆෙසර් කිම්ව හිනස්සවන්න. ඒත් ඉතින් ඒ ඇස් වල තිබුණේ පොඩි ළමයෙක්ගෙ හුරතල් වැඩක් විඳින වැඩිහිටියෙක්ගෙ ඇස් වල ඇඳෙන විදිහෙ ආදරණීය බැල්මක්. ඇත්තටම රෝසි කිව්වා වගේ ප්‍රොෆෙසර් කිම් එයා දිහා බලන්නෙ කොලේජ් යන බෝයි කෙනෙක් විදිහට විතරද?

"ජන්ග්කුක්?" ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට ළංවෙලා ඒ මූණ ඉස්සරහින් අත එහාට මෙහාට කරේ ජන්ග්කුක් ඉන්නෙ මේ ලෝකෙ සිහියෙන් නෙවෙයි කියලා තේරුණු නිසා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now