Chapter 27

3.1K 541 290
                                    

"අහ් ආරාගෙ බනී.. ඇත්තටම ටේහ්‍යුන්ග් මං ඒ වෙලාවෙ ඔයාගෙ operation එකට ලෑස්ති උනු නිසා මට එයා ගැන බලන්න උනේ නෑ. ඒත් පස්සෙ මට ආරංචි උනු විදිහට ඒ ළමයව එයාගෙ parentsලා discharge කරගෙන අරන් ගිහින්. ඒ ළමයා ඉඳලා තියෙන්නෙ ලොකු අවදානම් තත්ත්වයක. බේරගන්න පුළුවන් වෙයිද නැද්ද කියලවත් අදහසක් ඩොක්ටර් මින්ට තිබිලා නෑ. ඩොක්ටර් මින් කියන විදිහට එයාගෙ parentsලා rich family එකකින්. ඒ නිසා එයාලා ඒ බෝයිව මෙහෙන් අරන් ගිහින්."

"කොහෙටද??" ටේහ්‍යුන්ග්ගෙ හඬ කලබලයි.

"ඒකනම් අපි දන්නෙ නෑ. බොහෝදුරට එයාලා seoul වල හොඳම private hospital එකකට ඒ බෝයිව අරන් යන්න ඇති."

"හෝසොක් හිතන විදිහට ඒ බෝයි බේරෙන්නෙ ඇතිද??" ටේහ්‍යුන්ග්ගෙ හැඟීම් විරහිත ඇස් දිහා බලපු ඩොක්ටර් ජන් දිග හුස්මක් පාතට හෙලුවා.

"සමහරවිට.." ටේහ්‍යුන්ග් හිනාවුණා. එයා හයියෙන් හිනාවුණා. පිස්සෙක් වගේ හිනාවුණු ටේහ්‍යුන්ග් ඊළඟ මොහොතෙදි හයියෙන් අඬන්න ගත්තා. අඬමින් හිටපු ආරාව තදින් වැළඳගෙන ටේහ්‍යුන්ග් මහ හයියෙන් අඬන්න පටන් ගත්තා.

ඩොක්ටර් ජන්ගෙ ඇසුත් කඳුලින් තෙත් වෙද්දි තාත්තාටයි දුවටයි ටිකවෙලාවක් අඬලා හිත හදාගන්න ඉඩ දෙන්න තීරණය කරපු ඩොක්ටර් ජන් එතනින් පිටවෙලා ගියා.
.
.
.
.
.
.
.
.
.

"ඇයි මාව දාලා ගියෙ බේබි?? ප්ලීස් මට කියන්න ඔයා කොහෙහරි හොඳින් ජීවත් වෙනවා නේද?? ඇයි මං වෙනුවෙන් මේ තරම් දේවල් කරේ බේබි?? අන්තිම මොහොතෙදිත් මං ගැනම විතරක් හිතුවෙ කොහොමද?? අන්තිමේදී මං බයවුණු දේ වෙලා.. ඔයා අපිව දාලා ගිහින්. අපේ හිත් වල තිබුණු හිස්තැන අයිති කරගෙන ඒ හිස්තැන ආයෙමත් හිස්බවින්ම පුරවලා ඔයා යන්නම ගිහින්."
ටේහ්‍යුන්ග් සෝජු බෝතලේ කටට තියාගෙන ඉවර වෙනකම්ම බිව්වා.

හං ගඟ දිහා බලාගෙන එදා රෑත් ඒ විදිහටම මතකයන් අස්සෙ අතරමං උනු ටේහ්‍යුන්ග් බීමතින්ම ආපහු apartment එකට එන්න පිටත්වුණා.

"ටේ.. ඔයා ආවද?" දොර ඇරියෙ නාරි. ටේහ්‍යුන්ග් මුකුත්ම නොකියා ඇවිත් කවුච් එකට වැටුණා.

"ඇයි මෙහෙම හැසිරෙන්නෙ ටේ? ඇයි බීලා නාස්ති වෙන්න හදන්නෙ?"

"I.. i miss him.. i miss him a lot" ආයෙමත් ටේහ්‍යුන්ග්ගෙ ඇස් වලින් කඳුලක් වැටුණෙ නාරිගෙ හදවත රිදවමින්. පිළිගන්න අමාරු උනත් ඇත්ත ඒක. ටේහ්‍යුන්ග්ගෙ හදවතේ තවදුරටත් එයා වෙනුවෙන් ඉඩක් නෑ.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now