Chapter 28

3.1K 550 410
                                    

"ස්වීට්" ජන්ග්කුක් හිමීට හැරිලා එයාගෙ ඔම්මා දිහා බැලුවා.

"ආ ඔයාගෙ නානා මිල්කි එක." ජන්ග්කුක්ගෙ අතට බනානා මිල්ක් එක දීලා යූනා ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකුවා.

"මං දැන් බබෙක් නෙවෙයි ඔම්මා." ජන්ග්කුක් තොල් උල් කරාම යූනා හිනාවෙලා ජන්ග්කුක්ගෙ ඔලුව අතගෑවා.

"නැත්තෙ මොකද.. තාමත් ඔයාට අපිව ඕනෙ හැමදේකදිම. ඒ කියන්නෙ ඔයා තාමත් බබෙක්." යූනා එහෙම කිව්වම ජන්ග්කුක්ගෙ තොල් මතින් දුර්වල සිනහවක් නැඟුණා.

"හ්ම්ම්... කොහොමත් දැන් මට හැමදාම ඔය දෙන්නට වද දිදී ඉන්න වෙයි. මට දැන්.. මට මුකුත් කරගන්න බෑනෙ.. "

"අනේ ස්වීටි.. ඔම්මා එහෙම දෙයක් නෙවෙයිනේ කිව්වෙ මැණික. මගෙ මැණිකව බලාගන්න අපි දෙන්නට තාමත් හයිය තියෙනවා." යූනා ඉක්මනට ජන්ග්කුක්ව තුරුල් කරගත්තා. ඉඳගෙන හිටපු විදිහටම යූනාගෙ ඉන වටේට අත් යවපු ජන්ග්කුක් එයාගෙ ඔම්මගෙ පපුවට මූණ ඔබාගත්තා.

"ඔම්මා.."

"ස්වීට්..?"

"එයාට මාව මතක් වෙනවා ඇතිද??"

"මැණිකට එයාව මතක් වෙනවද?"

"ඔව්.. හැම වෙලාවකම. මට එයාවයි ආරාවයි බලන්න ඕනෙ ඔම්මා."

"එහෙනම් අනිවාර්යයෙන්ම එයාටත් ඔයාව මතක් වෙනවා ඇති. අපි යමුද එයාලව බලන්න." යූනා ඇහුවම ජන්ග්කුක් ගැස්සිලා යනවා යූනාට දැනුනා.

"බෑ.. මෙහෙම... මෙහෙම මාව දකිනවට මං කැමති නෑ ඔම්මා. මට බෑ.. කාටවත් කරදරයක් වෙන්න..මට.. මට දැන් මගෙ දෙයක්වත් කරගන්න බෑ.. කොහොමද ඔම්මා මං එයාගෙ ජීවිතේට ආයෙමත් යන්න හිත හදාගන්නෙ? මට බැරිවෙයි ඉස්සර වගේ එයාගෙ දේවල් ගැන බලන්න.. බබීට හොඳ මමා කෙනෙක් වෙන්න ආයෙ මට බැරිවෙයි.."

"ස්වීට්.. හොඳ මමා කෙනෙක් වෙන්න, හොඳ පාට්නර් කෙනෙක් වෙන්න ඔයා ගෙදර වැඩ කරන්නම ඕනෙ නෑ. ඔයාට ආදරේ කරන අයට ඔයාගෙ එක හිනාවක් විතරක් ඇති මැණික සතුටින් ඉන්න."

"ඒත් ඔම්මා.. නාරි නූනාට පුළුවන් මට වඩා හොඳට එයාලව බලාගන්න."

"ස්වීට් එහෙම හිතනවද ආ?? එයාට පුළුවන් වෙයි ඔයාට බැරි දේවල් කරන්න.. ඒත් ඔයා හිතනවද එච්චර ආත්මාර්ථකාමී කෙනෙක්ට ඒ දෙන්නට ඕනෙ ආදරේ දෙන්න පුළුවන් කියලා?" යූනා ජන්ග්කුක්ගෙ මූණ අත් අතරට අරන් ඒ ඇස් වලට එබිලා ඇහුවම ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now