"මොන බූරුවෙක්ද මන්දා.." ජන්ග්කුක් කන ළඟින් ඇහුණු කාර් හෝන් එකට ගැස්සිලා ගියා. කාර් එක ජන්ග්කුක්ගෙ පැත්තට කරලා නැවැත්තුවාම ජන්ග්කුක් හොඳ දෙකක් කියලා දෙන්න ලෑස්ති උනත් කාර් එකෙන් එබිලා බලපු කෙනාව දැක්කම ජන්ග්කුක්ගෙ ඇස් ලොකුවෙලා ගියා.
"ප්‍රොෆෙසර් කිම්?"
"නඟින්න.. මාත් එක්ක යමු." ටේහ්‍යුන්ග් driving seat එකේ ඉඳගෙනම නැමිලා ජන්ග්කුක් වෙනුවෙන් දොර ඇරියම ජන්ග්කුක් හිමීට ඇවිත් ඉස්සරහ සීට් එකෙන් ඉඳගත්තා.
"සීට් බෙල්ට්.." ටේහ්‍යුන්ග් මතක් කරාම ජන්ග්කුක් එයාගෙ සීට් බෙල්ට් එක දාගත්තා.
ටේහ්‍යුන්ග් මීටකලින් කවදාවත් ජන්ග්කුක්ව කොලේජ් එක්කන් ගියෙවත් ආපහු එද්දි එයාව එක්කන් ආවෙවත් නෑ. ඒකට හේතුව උනේ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ගෞරවය ගැන හිතපු එක. ප්‍රොෆෙසර් කෙනෙක් ඕනෙවට වඩා එයාගෙ ස්ටුඩන්ට් කෙනෙක් එක්ක ගැවසෙන එක ඒ ස්ටුඩන්ට්ට හොඳ නෑ කියලා එයා තේරුම් ගත්තා. අනික ටේහ්‍යුන්ග් මැරීඩ්, දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. එයා වගේ කෙනෙක් එක්ක ජන්ග්කුක්ට රූමර් එකක් හැදෙනවට ටේහ්‍යුන්ග් අකමැති වුණා.
අදත් ජන්ග්කුක් කොලේජ් එකෙන් එළියට ඇවිත් බස් හෝල්ට් එකට ඇවිදගෙන යන අතරෙදි තමයි ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ගාවින් කාර් එක නතර කරේ.
"කෝ අද ඔයාගෙ යාලුවා?" ටේහ්‍යුන්ග් කාර් එක ආයෙමත් පාරට දානගමන් ඇහුවා.
"එයා සුසී නූනා එක්ක ඩේට් එකකට ගියා. දැන් එයාට මාව අමතකයි.." ජන්ග්කුක් දුකෙන් තොල් නොපිට පෙරලගෙන කියද්දි ටේහ්‍යුන්ග්ගෙ මූණට හිනාවක් ආවා.
"එහෙම තමයි ඉතින් ආදරේ කරද්දි. එතකොට යාලුවන්ට වැඩියෙන් තමුන්ගෙ ලවර්ව වටිනවා. ඔයාටත් එහෙම වෙයි.." ටේහ්‍යුන්ග් කිව්වම ජන්ග්කුක් ටේහ්‍යුන්ග් දිහා දිලිසෙන ඇස් වලින් බැලුවා.
එතනින් එහාට apartment එකට යනකම්ම දෙන්නා අතර වැඩි කතාවක් උනේ නෑ. හැබැයි ජන්ග්කුක්ට තේරුණා ටේහ්‍යුන්ග් කීපවතාවක්ම මොනවහරි දෙයක් ගැන අහන්න හැදුවා කියලා. කොහොම උනත් apartment එකට යනකම්ම ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට ඒ ගැන කිව්වෙ නෑ.
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfic🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්‍රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...