Yes I do the cooking
Yes I do the cleaning
Yes I keep the nana real sweet for your eating
Yes you be the boss yes I be respecting
Whatever that you tell me 'cause it's game you be spittingBest believe that when you need that
I'll provide that you will always have it
I'll be on deck keep it in check
When you need that I'mma let you have itජන්ග්කුක්ගෙ කටහඬට ටේහ්‍යුන්ග් කිචන් එකට ආවා. ජන්ග්කුක් වෙලාවකට පොඩි නැටුමකුත් දාන ගමන් සින්දු කිය කිය උයනවා. ඇත්තටම ඒක බලන් ඉන්න ආසා හිතෙන දර්ශනයක්.
I wanna hear you calling my name
Like hey mama mama hey mama mama (Hey)ජන්ග්කුක් නටන ගමන් වටයක් කැරකුනා. අන්න ඒ වෙලේ තමයි එයා දැක්කෙ කිචන් එකේ බිත්තියට හේත්තුවක් දාගෙන එයා දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග්ව.
"ආහ්හ්!" ජන්ග්කුක් මූණ අත්දෙකෙන්ම වහගන්න ගමන් අනිත් පැත්තට හැරුණම ටේහ්‍යුන්ග්ට හිනාගියා.
"කියුට්.."
"හාහ්?"
"මුකුත් නෑ.. ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්."
ජන්ග්කුක්ගෙ රෝස කම්මුල් තද රතුපාටින් දිලිසුණා.
"මොනවද හදන්නේ??"
"ම්ම්..රහසක්. හැදුවම බලන්නකෝ.." ජන්ග්කුක් දඟකාර හඬකින් කිව්වම ටේහ්‍යුන්ග් හිනාවෙලා ඇවිත් kitchen countertop එක උඩින් ඉඳගත්තා. එතන ඉඳන් ජන්ග්කුක් කෑම හදනකම් ටේහ්‍යුන්ග් එයා දිහා බලාගෙන හිටියා.
"නාරි හිටියනම් අද අපි ලස්සන පවුලක්. එයත් මේ විදිහට උයයි.. බබීගෙ ඉස්කෝලේ වැඩ කරලා දෙයි. එහෙම උනානම් රෑට මගෙ තනිය මකන්න කෙනෙකුත් ඉඳීවි." ජන්ග්කුක් දිහා බලාගෙන ටේහ්‍යුන්ග් ලොකු කල්පනාවක ගිලුනා.
"If i was a housewife, i would have done a great job. Right?" ජන්ග්කුක්ගෙ කටහඬට ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියා.
"ආ?"
"මං housewife කෙනෙක් උනානම් මං ඒකට හොඳට ගැලපෙනවා නේද?"
"ඒත් ඔයා බෝයි කෙනෙක් ජන්ග්කුක්."
"ඒත් මට පුළුවන් කෙනෙක්ගෙ වයිෆ් වෙන්න.. එයා කැමති නම්." ජන්ග්කුක් ටේහ්‍යුන්ග් දිහා බලලා එකදිගට එයාගෙ ඇස් පිල්ලන් ගැහුවම ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දිහා බලලා දිග හුස්මක් පිටකරා.
"ජන්ග්කුක්.. ප්ලීස් බේබි, ඔයා මං ගැන ඒ වගේ බලාපොරොත්තු තියාගන්න එපා. ම..මං ඔයාට ගැලපෙන්නෙ නෑ." ටේහ්‍යුන්ග් පුළුවන් තරම් මෘදු හඬකින් කිව්වත් ඒක ඇහුනම ජන්ග්කුක්ගෙ තොල් වෙව්ලලා ගියා. ඒ බෝල ඇස් පවා කඳුලු වලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfiction🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...