"ජන්ග්කුක් ඩ්‍රින්ක්ස් ගන්නවද?" ටේහ්‍යුන්ග් එකපාරටම එහෙම ඇහුවම ජන්ග්කුක් ඇසුත් ලොකුකරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ පුදුමෙන්. ප්‍රොෆෙසර් කිම් එහෙම බොන කෙනෙක් කියලා ජන්ග්කුක් හිතුවෙ නෑ. ඒ වගේ ඉමේජ් එකක් ටේහ්‍යුන්ග්ගෙන් කොහෙත්ම පේන්න තිබුණේ නෑ.
"මං වැඩිය ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නෙවෙයි.. ඒත් අද පොඩ්ඩක් බීලා බලන්න හිතුනා." ටේහ්‍යුන්ග් එයාගෙ බෙල්ල බදාගෙන නිදාගෙන ඉන්න ආරාව අත්දෙකෙන් ටිකක් උස්සන ගමන් ජන්ග්කුක්ට කිව්වෙ ජන්ග්කුක්ගෙ හිතේ තියෙන දේ තේරුම් ගත්තා වගේ.
"අහ්.. මාත්.. වැඩිය බොන කෙනෙක් නෙවෙයි.. ඒත් ප්‍රොෆෙසර්ට හෙල්ප් එකක් ඕනෙනම් මං එන්නම්." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ බෙල්ල බදාගෙන ඉන්න ආරාගෙ ඔලුව අතගාන ගමන් කිව්වා.
"තෑන්ක්ස් ජන්ග්කුක්.. ආරාව තියලා මං එන්නම්. ඔයත් එනවද?" ටේහ්‍යුන්ග් apartment එකේ දොර අරින්න password එක ටයිප් කරන ගමන් ඇහුවම ජන්ග්කුක් මුකුත්ම නොකියා ටේහ්‍යුන්ග් එක්ක එයාගෙ apartment එකට ඇතුල් වුණා.
"මං ආරාව එයාගෙ රූම් එකෙන් තියලා එන්නම්."
"එයාව වොශ් කරවන්න ඕනෙ නැද්ද?"
"දැන් එයාව නැගිට්ටවන්න බැරිවෙයි කොහොමත්.. ඒ නිසා මෙහෙම්ම නිදාගන්න දෙනවා."
ටේහ්‍යුන්ග් ආරාව එයාගෙ කාමරේට එක්කන් ගිහින් ඇඳ උඩින් පරිස්සමට තියලා ආරාගෙ කොණ්ඩෙට ගහලා තිබුණු කටුයි ආරාගෙ සපත්තු දෙකයි අයින් කරලා ආරාව බෙඩ්ශීට් එකකින් පෙරෙව්වා. කාමරෙන් එන්න කලින් ආරාගෙ නළලට දෙන ගුඩ්නයිට් කිස් එකත් දීලා එන්න ටේහ්‍යුන්ග් අමතක කරේ නෑ.
ටේහ්‍යුන්ග් ආපහු එද්දි එයා දැක්කා ජන්ග්කුක්ගෙ මොකක්හරි ෆොටෝ එකක් බලනවා. ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ළඟට ළංවෙද්දි ටේහ්‍යුන්ග්ගෙ අඩිසද්දෙ ඇහුණු ජන්ග්කුක් ගැස්සිලා ටේහ්‍යුන්ග් දිහාට හැරුණා.
"මොකද්ද ඔය?" ටේහ්‍යුන්ග් කුතුහලයෙන් ඇහුවම ජන්ග්කුක් එයාගෙ අතේ තිබුණු ෆොටෝ එක ටේහ්‍යුන්ග් අතට දුන්නා.
"ඔහ්!" ටේහ්‍යුන්ග්ගෙ මූණ ඒ ෆොටෝ එක දැක්ක ගමන් වෙනස් වුණා. ජන්ග්කුක්ට ඒ ඇයි කියලා අහන්න ඕනෙ උනත් එයා නිහඬ උනේ ටේහ්‍යුන්ග්ම හිතලා ඒ ගැන කියයි කියන බලාපොරොත්තුවෙන්.
YOU ARE READING
Winter Prince [Taekook] ✔️
Fanfiction🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්‍රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්. Started : 2022-08-21 Finished : 2022-10-28 ⚠️️ All names, plac...