"ඔහ්....අනී... ඔම්මා....."
එක පාරටම තමන්ගේ ඔලුව ගාවටම ඇවිත් රැදිලා තිබ්බ තඩි පොල්ල දැක්ක ඒ හොරා යුන්බ්යෝල්වත් පෙරලගෙන නැගිට්ටා. මේ වෙච්චි දෙයින් ගැස්සුන යුන්බ්යෝල් සාර්තක දෙවනි පාරටත් පශ්චාත් බාගේ මහී කාන්තාවගේ පහස ලැබුවා.
"යා.... තමුසේ මොකාද? යනවා යන්න අහකට...."
හොරාත් හොදටම බය වෙලා ද කොහෙද? මං හිතන්නේ තාම ට්‍රේනින් වෙන එකෙක් ද කොහෙද? නැත්තං කකුල් දෙකෙන් මැන්ඩලින් ගහ ගහ මොන හොරාද යකූ මේ මහ දවල් හොරකමේ යන්නේ.... අනික බලහල්ලකෝ කියන කතාව. මායි වැටුනේ මූයි කෑගහන්නේ.
"ආයිශ්.... ඔම්මා..... මගේ පශ්චාත් බාගේ... දවසට දෙවනි පාර. ඒ... යා..... සොර දෙටුව.... තා කුමක් කරන්නෙහී ද මේ යුන්බ්යෝල් දේවතාවුන්ගේ අඩවියේ....? ආහ්? වහා උත්තර දෙව. නැති නං තාව තාරා මසට ගන්නට සිදුවිය හැක... අරස්සෝ....?
ඉක්මනින් පස්සත් අත ගගා නැගිට ගත්ත යුන්බ්යෝල් හොරා දිහා අලු කරන බැල්මකුත් දාලා ඇහුවේ එක අතකින් වක හැන්ද අරගෙන ඒක හොරා දිහාට දික් කරන ගමන්.
කලු පාට හූඩි එකකුත් ඇදලා මාස් එකකුත් දාල හිටිය ඒ හොරා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ මේ ගෑනි මේ මොනාද කියන්නේ කියලා හිතාගන්න බැරුව. ඒත් මොනාදෝ ඇහුවා ද කොහෙද? උත්තරෙකුත් දෙන්න එපැයි... ඒත් මොකද්ද්අ ප්‍රශ්නේ අහන්න එපැයි ඔක්කොටම කලින්.
"මේ.... එක්ස්කියුස් මී.... මිස්... ඔයා මොනාහරි ඇහුවද මගෙන්?"
YOU ARE READING
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...