"ආහ්.... කම්සාන්මිදා ඩිරෙක්ටර්.... ඔයා දන්නවා නේ මේ ලී මින් හෝ ගැන.... ආයේ හෝදන්න දෙයක් නෑ..... අපි රගපාන ඒවා බොක්ස් ඔෆිස් කඩන්නේ.... ආයේ ලොවෙත් නෑ ඩිරෙක්ටර්......."
ලැජ්ජාව නලු කැරැක්ටරෙන්ම වහගත්ත ලී මින් හෝ හයේ හතරේ පම්පෝරියකින් ඩිරෙක්ටර් ට දමලා ගැහුවේ ඩිරෙක්ටර් පිම්බිලා යද්දී.
"ඒකනේ.... ඔයාවම අපි මේන් කැරැක්ටර් වලට ගන්නේ..... හරි එහෙනං ටිකකින් ශූටින් පටන් ගමු. ලී මින් හෝ ශී.... ෆයිටින්ග්......"
ඩිරෙක්ටර් එහෙම කියලා හිනා වෙලා යද්දී අමාරුවෙන් බඩත් අල්ලගෙන නැගිටලා හිටිය පාක් හියුන් සික් එහෙම්මම ගිහින් මේසෙ උඩ තිබ්බ වතුර එකක් එක හුස්මට බීගෙන බීගෙන ගියා.
"ආයිශ්.... ඔය ගෑණි.... අහුවෙද්දෙන්කෝ..... අම්මපා..... නලුවා නිසා ඔයින් ගියා..... දෙනෝදාහක් ඉස්සරහා ඔය වගේ දෙයක් උනා නං වසලා හමාරයි නේ. පහුවදා ඉදන්ම මගේ නමට ඉස්සරහින් නැසීගිය කියන කෑල්ල එකතු කරලා තඩී හෙඩ්ලයින් පත්තරවල යයි.... ආයිගෝ..... මටමයි වෙන්නේ..... ඔම්මා..... ඔයාලා ස්වර්ගෙට යද්දී මේකිවත් අරන්ම යන්න තිබ්බානේ ඔම්මා......අප්පා..... ඉස්සර මං කියන දේ ඇහුවේ නැති උනාම ඔයා කිව්වා ඔයාට හොඳ පනිශ්මන්ට් එකක් ලැබෙයි කියලා ඉක්මනට.... ඔයා කියපු ඒ පනිශ්මන්ට් එක මේකිද දෙයියනේ..... "
මූනත් හතරැස් කරගෙන ආපහු පුටුවෙන් ඉදගත්ත ලී මින් හෝ එයාගේ දුක් ගැනවිලි කිය කිය යුන්බ්යෝල් ගෙ වරුණාව මතක් කරේ එයාගේ ඔම්මවත් මතක් කරගෙන. ඔව් ඔව්... දෙන්නගෙම අභාවප්ප්‍රාප්ත මෑණියන්වත් සිහිකරගෙනම.
ESTÁS LEYENDO
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfic"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...