"ආයිශ්..........ඩෙමිට් ඩෙමිට්......"
ජිම් පප්පා කෑගහගෙනම බිම පත බෑවුනේ දරාගන්න බැරිම තැන ද කොහේදෝ......
මටත් ඉතින් නිකං කට තියං ඉන්න බෑ නේ. නිකං තියෙන කට නේ කියලා කියලා පල් හිනාවක් ජිම් පප්පා පැත්තට දාලා තව කප් කේක් එකක් අතට ගත්තා. බිම වැටිච්ච ජිම් පප්පා ආයෙත් පුටුවේ ඉදගෙන වස්සෙක් වගෙ පිඹ පිඹ මං දිහා බලං ඉද්දී මාත් අමුතු විදිහට ඒ පැත්ත බලං හිටියා. ශොක් වුනු ඔප්පා කිව්වා හරි අර දෙපැත්තෙන් අං ලියලපු එකා මේකා තමා.
"මොකෝ තමුසේ බලං ඉන්නේ? ගොම්බ්යෝල්......."
ජිම් පප්පත් අත අරින්නේ නෑ වගේ. ඒත් මං චුට්ටක් හිතුවා. අදට ඇති වගේ ඒකට වද දුන්නා. දැන් එන එකෙක් අල්ලගන්න බලන්න ඕනේ. වැඩිය මේ හෝතම්බුවා එක්ක වෙලෙන්න ගියොත් මගේ සායම හේදිලා ඒක වේලිලා විතරක් නෙමේ ඒකේ කෑලි කෑලී තමා හොයාගන්න වෙන්නේ.
"වේ? මට් බලන්න බෑ ද?"
මං ජිම් පප්පාව වැඩිය ගණන් ගන්නේ නෑ වගේ හිටියා. මොකටද් නිකං ඉල්ලන් කන්නේ.
"බෑ තමා. හරියට නිකං කොල්ලෝ දැකලා නෑ වගේ නේ..... බයත් හිතෙනවා ඒ බලන බැල්මට."
මං එක අතකින් කප් කේක් එකකුත් අරගෙන පුටුව පස්ස්සට කරලා නැගිට්ට පාර අනික් අයත් ගැස්සිලා බැලුවා. මං ජිම් පප්පාගේ මූණ ගාවට යද්දී ඒ යකාට යන්තම් දාඩිය රැල්ලක් ඇදෙනවා දැක්ක නිසා හිනාවත් කාගෙන මං කෙලින්ම ඇස් දෙක දිහා බැලුවා.
BINABASA MO ANG
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...