"ලස්සනට හදපු ඩෝම් එකේ ඉන්නේ හැම කල්......
මං ආස කරන ඔප්පා තමයි ජින්.....
අර යක් රජාට හැමවෙලේම කපන්නේ වලවල්.....
ලස්සන මගේ ඔප්පා හුරතා.....ල්......"
"නන....නා....අද ඇගටත් හරි නෑ වගේ. මොකක්හරි සීන් එකක් ඇග ඇතුළේ. අර ජිම්පප්පට මොකුත් රිටන් එකක් දෙන්න බැරි වෙච්චී එකේ සාංකාව ද මංදා. මොහ්? ඒ පාර මොන විගඩමක් ද නටන්නේ?"
කෑ කෝ පපා ආරූඩයෙන් සරිගමත් වලඳ වලඳ ෆෝන් එක ඔබ ඔබ හිටිය මට එක පාරටම පප්පාව ගිලුනේ 'ටින් ටොන්' ගගා ආපු නිව්ස් ඇලට් එකක් දැකලා.
"ජනප්‍රිය නළු ලී මින් හෝ මහතා මීට සුලු මොහොතකට පෙර සිදුවූ මෝටර් රථ අනතුරකින් ජීවිතක්ශෙට පත් වී ඇත."
"පුෆ්..... ඕක යන පරලොව. ශුවර් ඒකාගෙ අලුත්ම ඩ්‍රාමා එකේ ස්පොයිලර් එකක්. ඒ ගොනා වික්කා බං ස්පංචියෝ......"
හිනා වෙවී දොර උඩ දාලා තිබ්බ කලු හූඩිය ඇදගත්ත මං හිමීට හිමීට පඩිපෙළ බැස්සේ එළියට ගිහින් ටිකක් ඇවිදින්න හිතාගෙන. මොකද මොකද්දෝ මංදා අමුතු හැගීමක් මගේ වටේ කැරකෙනවා වගේ තේරුනා. මං සාලේ දිහා බලද්දී ඔප්පලා සේරම වගේ ෆෝන් ගිලින්න වගේ බලාගෙන හිටියේ.
මාව දැක්ක ගමන් එයාලා අමුතු විදිහට මං දිහා බලලා එයාලා මූණු දිහා මාරුවෙන් මාරුවට බලාගත්තා.
"යු....යුන්බ්යෝල්..... කොහේ හරි යන්නද බබා.....?"
YOU ARE READING
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...