"දෙයියනේ..... මෙයා කොහෙද ගියේ? එයාට හොදත් නෑ තාම"
ජිමින් දුවලා ගිහින් වොශෘම් එකට කන තීයලා බැලුවාට ඒකේ ඉන්නවා කියලා ජිමින් ට සාක්ශියක් ලැබුන්නෑ.
"පහළට බැස්සාවත් ද?"
ඔලුව කස කස ජිමින් එහෙම හිතුවේ නැගිටගන්නවත් පණක් තිබේ නැති කෙනා කොහොමද පහලට ගියේ කියලා. කළබලෙන් වට පිට බලද්දී තමා පොඩි කොල කෑල්ලක් දෙකට නමලා ඇඳ උඩ තියෙනවා දැක්කේ.
"මේ මොකද්ද?"
ජිමින් නළලත් රැලි කරගෙන ඒක දිග ඇරියා.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
"ජිම්පප්පේ....
ඔයා මං එක්ක තරහ නෑ නේද? මං ඔයා එක්ක තරහා නෑ. මාව මෙච්චර කල් ෆන් එකේ තිබ්බට, පාලුවක් දෙන්නැතුව වලි දාගත්තට කුමාවෝ. ආයේ කවදාහරි හම්බෙමු. පරිස්සමින් ඉන්න. මං නෑ කියලා ජිම් පප්පා අර කොටේවයි ගොන්කුකාවයි මරං කන්නේ එහෙම නෑ හොදේ......
මං ඔයාගේ වලි පරාණේ
ගොම්බ්යෝල්"
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
"අ...අන්ද්වේ....... ඔයා කොහොමද එහෙම යන්නේ? අනික උණත් ගැනිලා තියෙද්දී..... මොන ලෝකෙද ගියේ?"
ජිමින් පිස්සුවෙන් වගේ කෑගහලා පඩිපෙළ දිගේ පහලට දුවගෙන ආවේ ජිම් හ්යොන්ග්ටත් අඬගහගෙන.
"ජින් හ්යෝන්ග්...... නාම්ජුන් හ්යෝන්ග්..... ඔයාලා කොහේද? යුංගී......"
ජිමින් ගේ කට එකපාරටම වැහිලා එතනම බ්රේක් ගැහුනේ දැක්ක දේ නිසා.
"හ්යොන්ග්?"
YOU ARE READING
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...