"ජිම් පප්පේ..........යාහ්..........ජිම් පප්පේ.........."
ලස්සනට ප්ලේ වෙච්චී ටේප් එක එකපාරටම බල්ලෝ කෑවම ආපු සද්දයක් එක්ක ජිමින් බය වෙලා වට පිට බැලුවේ ඒක එයාගේ හිතෙන් ඇහුනු එකක් ද කියල බලන්න.
අනී අනී...... ඒක මට විතරක් ඇහිච්ච එකක් නෙමේ.... ඔමෝ.... අර එන්නේ... කඩාගෙන බිඳගෙන මේ පැත්තට...... ඒත් පොඩ්ඩක් හිටහන්..... මේකි මොකද්ද යුනි එකේ කරන්නේ.....
"ඔමෝ...... ජිම් පප්පේ........ කොහෙද ගස් ගෙම්බෝ හිටියේ...... හොයලා හොයලා පණ ගියා......."
වීමින්කුක් ලගට හති දාගෙන දුවගෙන ආපු යුන්බ්යෝල් අතේ තිබ්බ බෑග් එක ජිමින් දිහාට දික් කරද්දී ජිමින් කටත් ඇරගෙන යුන්බ්යෝල් දිහායි බෑග් එකයි දිහාවට මාරුවෙන් මාරුවට බල බල හිටියේ මේක හීනයක් ද කියලා හිතාගන්න බැරුව.
"ආහ් යුම්බී..... මොකෝ මෙහේ ආහ්?"
ටේහ්යොන්ග් එයාගේ කරට අතකුත් දාලා කියද්දී තමයි අනික් දෙන්නා මේ ලෝකෙට ආවේ. එතනින් යන හැමෝම මේ දිහා කන්න වගේ බලන් ඉන්නවා ජිමින් දැක්කා. ශික්...... යුනි එකෙත් වසලා හමාරයි....... මේකි මාව නැත්තටම නැති කරයි.......
"මේකනේ කොටේ.... ශෝක් ජින් කිව්වා ඔයාලා මොනා ද දාලා ඇවිත් කියලා. එයා ඒක දෙන්න යද්දී මං කිව්වා මං දෙන්නම් කියලා. මොකද මාත් කම්මැලිකමේ නේ හිටියේ. හීඉ "
"යාහ්..... ගොන්බ්යෝල්..... මොකද ඕයි ජිම්පප්පේ කිය කිය මෙතන බෙරිහන් දෙන්නේ......යනවා යන්න මගේ නම්බුව කන්නැතුව. ගෙදරවත් තමුසේ හිංදා නිදහසක් නෑ නේ ඕයි...... මෙහේ ආවමවත් ඉන්න දෙනවාකෝ......."
BẠN ĐANG ĐỌC
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...