"යුන්බ්යෝල්!!!!"
ජිමින් බය වෙලා එහෙම්මම ගල් ගැහිලා ඉද්දී අනික් දෙන්නටත් තේරුනා මොකක්හරි දෙයක් වැරදිලා කියලා. ඒ දෙන්නාත් හිමීට දොර අරිද්දී ජිමින් යුන්බ්යෝල් ගාවට දුවගෙන ගියා.
"යුන්බ්යෝල්?"
ජිමින් හිමින් හිමින් යුන්බ්යෝල් ගාවට යද්දී යුන්බ්යෝල් බිම වැතිරිලා හිටියේ. ලාවට ලාවට ගැස්සෙන කොට ජිමින් එතනම දණ ගහලා යුන්බියෝල් ගේ මූණට එබුනා. ඒ වෙද්දිත් අඬලාම හෙම්බත් වෙලා හිටිය යුන්බ්යෝල් පණක් නැතුව කාමරේ වැටිලා හිටියා උනත් ඒ ඇස් දෙකේ කඳුළු නං පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. ඒවා ඔහේ කාමරේ ගලාගෙන ගියා.
මේ සේරම දිහා බයවෙලා බලාගෙන හිටිය ජිමින් එයාට අත තියලා කතා කරා උනාට එයාට ජිමින් ආවා කියලාවත් තේරුමත් නෑ කියලා ජිමින්ට තේරුනා. ඒ නිසාම එයා යුන්බ්යෝල්ගේ උරහිස්සෙන් ඇඳලා කෙලින් කරලා එයාගේ දිහාට හරෝගෙන ඒ රතුවෙලා තිබ්බ මලානික ඇස් දෙක දිහා බලාගෙන හිටියේ කැලබීමෙන්.
"යුන්බ්යෝල්?"
ජිමින් යුන්බ්යෝල් ගේ මූනත් අල්ලගෙන ඒ ඇස් දෙක බලාගෙන කතා කරාට යුන්බ්යෝල් කරේ ජිමින් දිහා ඔහේ බලාගෙන හිටිය එක විතරයි. කෙලින් කරගන්නවත් බැරි ඔලුවත්, අමාරුවෙන් ඇහි පිහාටු උස්සගෙන ජිමින් දිහා බලාගෙන් ඉන්න විදිහෙනුත් අවුල් වෙච්චී කොන්ඩෙනුත් එයාට තේරුනා යුන්බ්යෝල් මෙතන ඉන්නේ ගොඩාක් වෙලාවක ඉදන් කියලා.
"කතා කරන්නකෝ යුන්බී? මොනාහරි කියනන්කෝ.... ජිම් පප්පා මේ ඉන්නේ.... මට ගහන්න.... බනින්න...... මොනාහරි කියන්න කරන්න..... ඔහොම ඉදලා බය කරන්නැතුව......"
YOU ARE READING
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...