"හ්යෝන්ග්..... ඕකනේ කියන්නේ ඉතින් අපි ව වටින්නෑ නේ ඔයාලට..... තේරෙයි අපිව මායාකාරි බාබකිව් දාපු දවසට."
ජිමින් එහෙම කියලා සැටියටම හේත්තු වෙලා බුම්ම ගත්තා.
"හ්යොන්ග්ලට කියන්න හ්යොන්ග් ඔයාලා දැක්ක නං ජිමිනාගේ මූන..... ඒ වෙලාවේ.... මං හිතුවේ ම කකුල් පල්ලේ බේරෙයි කියල....."
ජන්කුක් හිනා වෙවී එහෙම කියද්දී ජිමින් ගේ මූණ ඇද වෙලා ගියා නිකං හැත්තෑ දෙක දෙකට බෙදලා වගේ.
"ඔව්... හ්යොන්ග්.... අපිත් උඩ බිම බැලුවා... යුනි එකේ සිංහයා කෙල්ලෙක් ඉස්සරහා බලු නකුට්ටෙක් වගේ කූං කූං ගාද්දී......හැබැයි මේක කවුරුහරි දැක්කා නං යුනි ගිහිනුත් ඉවරයි..... අම්මාපා මට ඒක දැක්ක ගමන් මී පාසානං ටිකක් කාලා බෙල්ලෙ වැල දාගෙන ගිහින් කෝච්චියට පනින්න හිතුනා හ්යොන්ග්, ජිමින් පල්ලා...."
ටේහ්යොන්ග්නුත් ජිමින් ගේ මූණ බල බලම ජිමින් ගේ පටි රෝල් කරනවා.
අනේ දෙයියනේ මටම හම්බෙන්න ඕනේ මුන් දෙන්නම හැම ආත්මෙම.... එක ආත්මෙකවත් ඌරෙක්. කුකුලෙක්, හරකෙක් වෙලා නං මං ගාව ඉපදෙන්න හිතන්නවත් එපා.... මොකද උඹලාව මං රස කර කර කනවා දැනගනින්.... එක එක රෙසිපි වලටම.... ඉදකින් ගං කබරයෝ...... මාවම කාපල්ලා.....
"බොලාලටත් තේරෙයි කවදහරි ඔය ගොන්බ්යෝල් ද මොකීද කියන යකින්නිට අහු වෙච්චි වෙලාවක. මාව මතක් වෙයි අන්න එදාට. ප්රාර්ථනා කරනවා එයාව ආයේ හම්බෙන්න එපායි කියලා.... හුම්ම්...."
YOU ARE READING
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...