ශෝක් ජින් ගේ කරේ එල්ලිලා ගෙදර ආපු වෙලාවේ ඉදං එයා මට මහන්සි වෙන්න දුන්නේ නෑ. හැමවෙලේම කාමරේ ගාවට ඇවිත්
"යුන්බී ඔයාට කනන මොනාහරි ගේන්න ද ?"
"යුන්බි මෙන්න ඔයාට ලස්සන තෑග්ගක්."
"යුන්බී අපි ඇවිදිමු. මං ගන්නං ඔයාව."
"යුන්බී.....යුන්බී.... යුන්බි..... එච්චරමයි ශෝක් ජින් ගෙ කටේම තිබ්බේ.
ඇයි ඒ විතරක් ද බොබී ඔප්පා හැමවෙලේම මං ගාවමයි. ටිපිටිප්, චිප්ස් වලින් ඇඳ පුරවන්නේ එයා තමා. එතකොට බුන්ගි. එයා නං බැලුවොත් මගේ කාමරේ තියෙන පොඩි සැටි එකේ පත බෑවුන ගමන්. සුන්බුන් ඔප්පට නං මාව අල්ලන්න තියා කාමරේටවත් එන්න තහනම් කරලා තිබ්බේ. ශෝක් ජින් නං කිව්වේ එයා ඇවිත් මාව ඇල්ලුවොත් මගේ අනික් අන්ඩත් කැඩිලා යයි කියලා.
ඒත් අර යක් රජායි සෙකට්රියොයි නං වැඩිය ආවේ නෑ. ඒකේ තේරුම නෑවිත් හිටියා කියන එකමත් නෙමෙයි. කොටේ ඔප්පා නං මට හරි ආදරෙයි කියලා මං දන්නවා. අර යකා කියන තරම් කලු නෑ කියනවත් වගේ මහසෝනා එක්ක හිටියට එයා හරි හොඳයි. ඒ වගේමයි කියුට්. ඒ කියුට්භාවයි දරාගන්න බැරි වෙච්චි වෙලාවක මං එයාගේ කම්මුල් දෙක මිරිකනවා. එතකොටයි මට හිතෙන්නේ ශෝක් ජින් ට කොහොම දැනෙනවා ද කියලා මාව දැක්කම.
YOU ARE READING
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...