"මොකෝ කියලා බලන්න තමා මාත් මේ ආවේ? දැන් තමුසේ තනියම අංගුලිමාල දමනය පුරුදු වෙනව ද ආහ්?"
ඔප්පා කුළු හරකෙක් වගේ පිඹිද්දී මටත් ඉතින් රතු රෙද්ද වන්නැතුව ඉන්න බැරි උනා. මොනා කරන්නද ඉල්ලන් කෑම කලාවක් නං එහි පිකාසෝ මේ යුන්බ්යෝල්ම තමයි.
"මොන වෙඩිමක් ද හලෝ කියවන්නේ ඇවිත්? මොකෝ තමුසෙට උණ ද ?"
මං ලගට ගිහින් නළලටයි බෙල්ලටයි අත තියලත් බැලුවා. ම්හු.... එහෙම ඉහෙන් බහින ලෙඩක් තියා රෝගකාරකයෙක් වත් ඉන්න පාටක් නෑ.
"තේරුණේ නෑ නේද? එහාට වෙනවා..... අහකට.... අහකට...... මට ඇති ලෙඩක් නෑ. මං ආවේ තමුසෙට අර දෙනවා කිව්ව ටිපිටිප් වැල ? අන්න ඒක දීලා යන්න.... "
ඔප්පා රවාගෙන කියද්දී මගේ මූණේ හිනාවක් පිපිරුනා කියහන්කෝ..... ආයේ නෑ සහරාන් කැලේ.
"චින්ජා? කෝ ? කොහෙද?"
මං එයා වටේම ඇවිදගෙන ගිහින් මට ගේනවා කිව්ව ටිපිටිප් වැල හෙව්වා. බැලූ බැල්මට නං ටිපිටිප් තියා හාල්මැස්සෙක් ගේ ඔලුවක් වත් පේන තෙක් මානේ නෑ. මේකා ඒක කොහේ හංගගෙන ඉන්නවා ද දන්නෑ. අඩේ මේකා ඒක පිඹුරා වගේ ගිල්ලාවත් ද ?
"ආහ්"
එහෙම කියලා ඔප්පා ඇන්නේ නැතැයි දෑත බඳලා හොදවයින් ටොක්කක්. ආයිශ්....ඔම්මා.... ඔලුවේ ගුලක් මතුවෙලා ද දන්නෑ.... ඒකට නං සෞරග්‍රහ මණ්ඩලයෙන් භාගයක් විතරක් පෙනිලා ආයේ නොපෙනී ගියා. යකූ මූට ගිය ඔලුව නේ , හිතුන හිතුන වෙලාවට මට ටොකු අනින්න.
YOU ARE READING
The Blue Cherry Blossom || PJM || COMPLETED ||
Fanfiction"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන. -"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගි...