Chapter 20 [ Last Episode ]

64 6 3
                                    

"ආයිශ්...හ්යොන්ග්...... මට නං දැන් සූ බරයි. මෙතනම යයි හ්යොන්ග්....... මට නං බෑ......"

ජිමින් මේ වොශ් රූම් යන්නේ 5 වෙනි වතාවට ද මංදා. ඔව් එහෙම වෙන්න් එපැයි අද තමයි එයාලගේ දවස.




"යාහ්..... ජිමිනා..... තමුසෙ දැන් ටිකකට කලින් නේ ඕයි ගියේ. මෙහෙ එනෝ..... මැරුම් නොකා."

ජින් රතු වෙලා කෑ ගහන්නේ පැයක් තිස්සේ ජිමින් නටන විගඩම දැකලා.




"මනමාලයා බය වෙලා හ්යොන්ග්..... අහන්නත් දෙයක් ද වොශ් රුම් රිංගන එක......."

හොබී එහෙම කියාගෙන ආවේ ප්ලේට් එකකට සැන්ඩ්විච් 3ක් 4ක් පුරෝගෙන. ඒක දැක්ක ජින් හොබී ගේ උඩ ඉදං යටටම බැලුවේ ඉනටත් අත් දෙක තියාගෙන.


Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


"යාහ්..... හොබියා...... බෝ කාගෙන් අහල ද කෑම කන්නේ?"




"මං ඇහුවා .... හ්යොන්ග්"

හොබීගේ කටේ තව් කෑල්ලක් බ්ලෙන්ඩර් වෙන් ගමන්.




"කාගෙන් ද?"

ජින් ඇහිබැමකුත් උස්සගෙන ඇහුවා.




"එතන හිටිය වේටර් කෙනෙක්ගෙන්. එයා හා කිව්වා."

හොබී ගාණක් නැතුව කියද්දී ජින් ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ඇදලා පහළ දැම්මා.

The Blue Cherry Blossom || PJM || COMPLETED ||Wo Geschichten leben. Entdecke jetzt