Chapter 14

3K 562 112
                                    

"I really really like you.."

ටේහ්‍යුන්ග්ගෙ කනට ඒ වචන ඇහෙද්දි එයා ගැස්සිලා ගියා. උදෙත් ජන්ග්කුක් එයාට කැමතියි කියලා කිව්වා උනාට ටේහ්‍යුන්ග් ඒක සීරියස් ගත්තෙ නෑ. ඒත් දැන්.. ජන්ග්කුක්ගෙ කටහඬ, ඒ වචන හැඟීම් වලින් පිරිලා තිබුණා.

"නිදාගන්න.. ඔයා ටිකක් වෙලා රෙස්‍ට් කරාම ඇඟට පණක් එයි." විනාඩි ගානක නිහඬතාවයකට පස්සෙ ටේහ්‍යුන්ග් එහෙම කියලා ජන්ග්කුක්ගෙ පපුව වැහෙන්න ඩුවට් එක පොරවලා කාමරෙන් එළියට ගියා.

"ආආහ්හ්.. එයා ඇයි එහෙම හැසිරෙන්නෙ? මං මෙච්චර කැමතියි කියලත් එයාට ගානක්වත් නෑනෙ. අර්හ්.. ඇයි එයා එච්චර නපුරු?? මගෙ හැඟීම් වලට පුංචි වටිනාකමක් වත් එයා ළඟ නැද්ද?" ජන්ග්කුක්ගෙ ඇස් දනවා වගේ එයාට දැනෙද්දි ජන්ග්කුක් එහෙම්මම ඇස් පියාගත්තා. එයාට අඬන්න ඕනෙ උනා.. ඒත් නෑ.. එයාට අඬන්න බෑ. එයා දුර්වල නෑ. ඒත්, පළවෙනි වතාවට ජන්ග්කුක්ගෙ හිතේ කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙලා. ඒත් එයා එයාගෙ හැඟීම් ඒ කෙනාට කියලත් ඒ කෙනා ඒ ගැන කිසිම දෙයක් නොකියද්දි ජන්ග්කුක්ගෙ හිත ගොඩක් රිදුණා.

ඒ අතරෙ ටේහ්‍යුන්ග් එයාගෙ කාමරේට ගිහින් ඇඳෙන් ඉඳගෙන කොණ්ඩෙ තදින් ඇදගන්න ගමන් ඔලුව පාත් කරගත්තා.

"ආහ්හ්හ්හ් ශිට්, ඇයි මං අතින් එහෙම දෙයක් උනේ? ඒ අහිංසකයා දැන් හිතන්නෙ එයා මට කැමතියි කියලා. එයාට තේරෙන්නෙ නෑ එයා මට කැමතියි කියලා හිතන්නෙ මං එයාගෙ ෆස්ට් ටයිම් එක ගත්තු නිසා කියලා. පළවෙනි වතාවට එයාට එච්චරටම ළංවුණු එකම පිරිමියා මම වෙද්දි එයාගෙ හිතේ මං ගැන එහෙම හැඟීමක් ඇතිවෙන එක සාධාරණයි. ඒත් මං කොහොමද ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ? පොඩි එකෙක්ගෙ ලස්සන ජීවිතේ විනාශ කරන්න මට බෑ. එයාට දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්. එයා කොල්ලෙක්.. එයාට ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම එයාට මාත් එක්ක හිරවෙලා දුක් විඳින්න ඕනෙ නෑ. එයාට බෑ මට අයිති වෙලා ජීවිත කාලෙම දුක් විඳින්න. ඒක අසාධාරණයි."

තවත් ටික වෙලාවක් එයාගෙ හිත එක්කම වාද කරගත්තු ටේහ්‍යුන්ග් උදේට කාලා හෙට කරන්න තියෙන lectures වලට සූදානම් වුණා. ආරාව ඉස්කෝලෙන් ගන්න වෙලාව ආවම ටේහ්‍යුන්ග්  ජන්ග්කුක්ගෙ කාමරේට ගියත් කොල්ලා ඒ වෙද්දි පොඩි එකෙක් වගේ හුරතලේට නිදාගෙන හිටපු නිසා එයාගෙ නින්දට බාධාවක් නොකරම ටේහ්‍යුන්ග් ගෙදරින් පිටවුණා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now