Chapter 18

3.2K 584 383
                                    


A/N; මං දන්නවා ඔයාලට ටේහ්‍යුන්ග් ගැන දැන් තරහ ඇති. ඒත් ජන්ග්කුක් වගේ නෙවෙයි ටේහ්‍යුන්ග්ගෙ තත්ත්වෙ. එයා ආදරේ කරලා හිත රිද්දගෙන ඉන්න කෙනෙක්. දරුවෙක් ඉන්නවා. එතකොට වගකීම වැඩියි. අනික age gap එකත් එක්ක එයා ජන්ග්කුක්ගෙ පැත්තෙනුත් හිතනවා. කෙනෙක් ගැන හිතලා එයාගෙම හොඳට ඒ හිත රිද්දන එකයි, හේතුවක් නැතුව කෙනෙක්ව රිද්දන එකයි දෙකක්. ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ගැන ගොඩක් හිතනවා.. ඒ නිසයි එයා ඒ හැමදෙයක්ම කරන්නෙ. ඉතින් ජන්ග්කුක්ට එයාගෙ ආදරේ ලබාගන්න නම් ඉවසන්න වෙනවා. එයත් මේ වෙලාවෙදි තරහ වෙලා පැත්තකට උනොත් ටේහ්‍යුන්ග් කොහොමහරි ඉක්මනට හිත හදාගෙන ආරාවත් යථා තත්ත්වයට ගනී. මොකද නාරි දාලා ගියාට පස්සෙ හිත හදාගත්තු එයාට එයා තාම එයා ආදරය නොකරන ජන්ග්කුක් නැතුව හිත හදාගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා ටේහ්‍යුන්ග්ගෙ ආදරේ ගන්න නම් ජන්ග්කුක්ට සිද්ද වෙනවා හිමින් හිමින් ටේහ්‍යුන්ග්ට ළංවෙන්න. දැනටමත් එයා ඒ දෙන්නට ගොඩක් ළංවෙලා ඉන්නෙ. ආරා ඒකයි ටේහ්‍යුන්ග් එක්ක තරහ උනේ. ටේහ්‍යුන්ග් ඒකයි ආයෙමත් ජන්ග්කුක්ට කතා කරේ. ආරා වෙනුවෙන් උනත් ජන්ග්කුක් එයා ගැන ඇහුවෙ නැතුවම ටේහ්‍යුන්ග්ට දුක හිතුනේ එයා ජන්ග්කුක් ගැන හිතන නිසා.
අනික මේ කතාවෙදි ආරා විශේෂයි. එයා නිසා තමයි ටේකුක් සම්බන්ධය පටන් ගන්නෙ වගේම රැකෙන්නෙත්. කතාව පුරාවටම ඒක එහෙම වෙයි.

කතාවට🙈❤

'´'´'´'´'´'´'´'´´´´´'´'´'´'´'´'
'´'´'´'´'´'´'´'´´´´´'´'´'´'´'´'
'´'´'´'´'´'´'´'´´´´´'´'´'´'´'´'

"ජ.." දොර ඇරියම ජන්ග්කුක් හිටගෙන ඉන්නවා දකිද්දි ටේහ්‍යුන්ග්ගෙ ඇස් පුදුමෙන් ලොකුවෙලා ගියා. එයා ජන්ග්කුක්ට කතා කරලා පැයක් යන්නත් කලින් ජන්ග්කුක් දොර ඉස්සරහ හිටගෙන ඉන්නවා දැක්කම පුදුම වෙන එක අහන්නත් දෙයක්ද?

"බබී කෝ??" ටේහ්‍යුන්ග්ට බාධා කරපු ජන්ග්කුක් එහෙම අහන ගමන් ටේහ්‍යුන්ග්ටත් ගස්සලා ගේ ඇතුලට ආවා.

"බබී නිදි.." ටේහ්‍යුන්ග් කිව්වම ජන්ග්කුක් මුකුත්ම නොකියා ආරාගෙ රූම් එක දිහාට ඇවිදගෙන ගියා. ටේහ්‍යුන්ග්නුත් දොර වහලා ජන්ග්කුක්ගෙ පිටිපස්සෙන් ඇදුනා.

Winter Prince [Taekook] ✔️Where stories live. Discover now