ඊලග දවසේ ජින් ගේ කාමරයේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුණ නිසා ජින් " එන්න " කියද්දී ..." ඒයි ජින් මං මේ කියන්න ආ ........මේ ... යකෝ උඹ නිදාගත්තේ නැද්ද " යුන්ගී අහද්දී ජින් .." නෑ .. මට නින්ද ගියේ නෑ ... මොකද්ද කියන්න ආවේ "
" අනේ මංදා උඹ නම් ... අද රෑට කෙනෙක් එනවා මෙහේ උඹත් දන්න කෙනෙක් .." " අහ් ... මට මුහුද ලගට කිට්ටුව ගෙයක් හොයලා ඕනි .." ජින් එලෙස කියද්දී ..
" ඇයි ... උඹ.... ආ .. හරි මං හොයලා බලන්නම් ... මේ මෙන්න මේ ඇදුමත් ගනින් ... " යුන්ගී එලෙස කියමින් දොරත් වහලා කාමරයෙන් පිටතට යන්න ගියා ..
එවිටම වගේ තම දුරකථනය නාද වූ නිසා ඔහු ඇමතුම රැගෙන " කියන්න ... ආ .. හරි මං එන්නම් " එලෙස කියමින් washroom එකට ගිය ජින් ඉක්මනින්ම යුන්ගි දීපු ඇදුමත් ඇදන් පහලට ගියත් ...
ජින් පහලට එනවා දැකපු යුන්ගී " ඒයි ජින් මේ උඹ කොහෙද යන්නේ .. ඒයි .. යන තැනක කියලා පලයන් .. ඒයි .. යකෝ මේ කෑම එකවත් කාපන් කියන්න ඕනි නෑ ..." එලෙස කිව්වත් ජින් ඒ කිසි දෙයක් ගණන් නොගෙන එලියට ගියා....
ටිකකින් යුන්ගිගේ දුරකථනයට කෙටි පණිවිඩයක් එනවා දුටු යුන්ගී ... බලද්දී දැක්කේ ජින්ගෙන් කෙටි පණිවිඩයක් ඇවිත් තියෙනවයි ...
ජින්
මං ගෙදරට ගිහින් එන්නම් ... උඹ එතකන් ඔය කෑම එක හිමින් කාපන් ...යුන්ගී
හා හා පරිස්සමට ගිහින් වරෙන් ...යුන්ගිත් කෙටි පණිවිඩය යවා තම කෑම එක කන ගමන් " ජින් උඹ නම් මහ අමුතු මනුස්සයෙක් බං " හිතුවා ...
Jin POV ,
මම යුන්ගිටත් msg එකක් දාන ගමන් මගේ හිටපු ගෙදරට යන්න ගියා ... ඔව් දැන් ඒක මගේ ගෙදර නෙවේ දැන් ඒක ගිනි ගෙන දැවුනු තවත් එක ගෙදරක් ....
මං ඉක්මනටම ආවේ මගේ නමට මට ලියුමක් ඇවිත් තියෙනවා කියලා එහා ගෙදර අජුම්මා මට කිව්ව නිසයි ...
මං එහා ගෙදරට ගිහින් ඒ ගෙදර දොරට knock කරද්දී ඒ ගෙදර අජුම්මා " ආ ජින් අදල් ඇවිත් වාඩි වෙන්න ..." අජුම්මා එහෙම කිව්වත් " ශිරෝ අජුම්මා .. මට ඉක්මනට අර ආවා කිව්ව ලියුම දෙන්න පුලුවන්ද .." මං එහෙම කියද්දී අජුම්මගේ මූණ ටිකක් වෙනස් වුණා ඒත් මං ඒ දේවල් ගැන හිතන්න ගියේ නෑ ...
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]