Author POV ," ජීසූ කෝ එන්නකෝ .. ඇයි ඔයා ඔතනට වෙලා ඉන්නේ ..."
ජින් මීසූ ට බෝට්ටුව තුලට එන්න කිව්වත් මීසූ තවමත් මුහුද දිහාම බලන් ඉන්නවා දැකපු ජින් එලෙස මීසූ ට කියද්දී ...
" ඔයා යන්න ජින් මං එන්නම් ඔයා පස්සෙන් .." මීසූ හිනාවෙලා කියද්දී ජින් ...
" මොකක් .. මේක ගියාම ඔයා එන්නේ කොහොමද ..? " පුදුමයෙන් අහද්දී මීසූ ..
" වේ .. ජින් .. ඔයාට අමතක වුණාද මං කවුද කියන එක ආආආ." හයියෙන් කියද්දී ජින් තම හිස පිටුපස අතගාන ගමන් ලැජ්ජාවෙන්...
" ආ ඔව්නේ .." කියන ගමන් බෝට්ටුව ඇතුලට යද්දී මීසූ ජින් දිහා බලන් " කියොප්තා ..." හයියෙන් කෑගහලා කියද්දී බෝට්ටුවේ ඇතුලේ හිටපු ජින් තව තවත් කම්මුල් රතු කරගත්තේ දැනුන ලැජ්ජාව නිසයි ...
.
.
මුහුද මැදට වෙන්න වගේ බෝට්ටුව ගෙනත් නතර කරලා ජින් මුහුදේ වතුර දිහා බලන් හිටියේ මීසූ කොහෙද කියලා බලන්නයි ...
ඒත් මීසූ නම් ජින්ටත් කලින් ඇවිත් ඉදියේ කියලා ජින් දැක්කේ නෑ ..
" ජින් මං මෙහේ .. මේ .." වතුරේ ඉදන් ම මීසූ ජින්ට අත වනලා කතා කරද්දී ජින් බෝට්ටුවේ ඉස්සරහ පැත්තට දුවලා ගිහින් පහල බලද්දී දැක්කේ මීසූ බෝට්ටුවට ඉස්සරහින් ඉන්නවයි ...
ජිනුත් ඉක්මනින් තම ඇදුම් මාරු කරගෙන මුහුදට පැන්නේ මීසූ ත් එක්ක පීනන්න ඕනි කියලා හිතුන ක්ෂණික සිතුවිල්ල නිසයි ...
මීසූ ජින් දිහා පුදුමයෙන් බලන් " ජින් ඔයා ඇයි වතුරට ආවේ..." අහද්දී ජින් ..
" ඇයි දැන් ඔයා වගේ ලස්සන දියකිදුරියන්ට විතරද වතුරේ පීනන්න පුලුවන් ... අපි වගේ handsome කොල්ලොන්ට බැරිද ..?" ජින් එලෙස කියද්දී මීසූ ...
" දේ දේ ...මේ handsome කොල්ලටත් පුලුවන් තමා ...." ජින් ගේ කම්මුල් දෙක තම අත් වලින් අල්ලන ගමන් මීසූ එලෙස කියලා අනිත් පැත්තට ආපහු වතුර යටට කිමිදෙද්දී ජින් ...
" යාහ් ජීසූයා .. ඔයා හොර කරනවා ..." ජිනුත් එලෙස කියමින් වතුර යටට කිමිදිලා වටපිට බැලුවත් මීසූ පේන්න හිටියේ නැති පාර ජින් කලබලෙන් ආපහු උඩට ඇවිත් හුස්ම අරන් ආපහු යටට කිමිදෙන්න හදද්දීම එකපාරටම ජින් ව යටට ඇදිලා ඇවිත් නතර වුණේ මීසූ ගේ මූණ ඉස්සරහා ...
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
أدب الهواةමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]