Author POV ," ජීසූ ඔයා ඊයේ මට මොකද්ද කියන්න තියෙනවා කියලා කිව්වේ ..." ජින් මීසූගෙන් අසද්දී මීසූ ..
" ආහ් .. මේකයි ජින් ඒක මේකයි ... මං ..මං ... දියකිඳුරියක් ..." මීසූ තම අතෙහි ඇගිලි පටලවා ගන්න ගමන් අපහසුවෙන් ජින් දිහා බලන් කියද්දී ජින් පුදුමයෙන් මීසූ දිහා බලන් ..
" මො .. මොකද්ද... ඔයා කිව්වේ .. ඔයා දියකිඳුරියක් කියලද ...? " ජින් අහද්දී මීසූ ඔලුව උඩ පහල වනන ගමන් " ඔව් මං මනුස්සයෙක් නෙවේ ... මං මං හිතන්නේ මං මෙහෙන් ගියොත් හොදයි කියලා ..."
ජින් මීසූ දිහා පුදුමයෙන් බලන් ඉද්දී මීසූ යන්න හදද්දී ජින් මීසූගේ අතින් අල්ලලා නතර කරන ගමන් " ජීසූ මට ඒක වැඩක් නෑ .. ඔයා මනුස්සයෙක් වුනත් නැතත් මට වැඩක් නෑ ...මං ආදරේ ඔයාට විතරයි .."
ජින් එලෙස කියන ගමන් මීසූගේ දෙතොල් වලට කෙටි හාදුවක් දෙද්දී මීසූ සතුටින් ජින් දිහා බලන් ඉදලා ජින් ව බදාගත්තේ හිතට දැනුන සතුට වගේම හිතේ තිබුණ ආදරය නිසයි .... " මං ඔයාව කවදාවත් අත්හරින්නේ නෑ ජින් මං ඔයාට ගොඩක් ආදරෙයි " මීසූ හිතින් හිතන ගමන් එලෙසම ජින්ව බදන් හිටියා....
.
.
දින සති ගෙවිලා ගියේ හරිම ඉක්මනට ..
" සේරම හරි නේද ..? " ජින් හැමෝම ලගට ගිහින් අහන ගමන් කලබලෙන් වගේ stage එක උඩ ඉන්න යුන්ගී ලගට ඇවිත් ..
" යුන්ගී ... කිසිම දෙයක අඩුපාඩු නෑ ඔන්න සේරම හරි ..." කියද්දී ජීසූ " යුන්ගී .. තව පොඩ්ඩක් ඉවසන්න ඉතින් ඔයාගේ future wife ඉක්මනටම එයි .. ආ අන්න කියනකොටම ඔය එන්නේ .." ජීසූ නැත්නම් මීසූ ...
එලෙස කියන අතරේ ජෙනී ලස්සන සුදුපාට දිග wedding frock එකක් ඇදලා තම පියාගේ අතකින් අල්ලගෙන යුන්ගී ඉදිරියට එද්දී යුන්ගී හිනාවකින් මුව සරසාගෙන ජෙනී එන දෙස බලා ඉද්දී ටික ටික ජෙනී ලගට ඇවිත් යුන්ගී දිහා බලන් ඉන්න ගමන් ජෙනී ගේ පියා ජෙනීගේ අත යුන්ගී ට දෙන්න හැදුවත් යුන්ගී හිටියේ ජෙනී ගේ ලෝකේ නිසා මීසූ ...
" අයියෝ යුන්ගීයාආආආආ .. ජෙනී ගේ අත ගන්නේ නැද්ද මෝඩයෝ ..." හිමින් යුන්ගිට ඇහෙන්න විතරක් කිව්වත් හුලග නිසා ඇහුනේ නැතිපාර ආපහු ටිකක් හයියෙන් කියද්දී යුන්ගී ඉක්මනින්ම පියවි සිහියට ඇවිත් ජෙනීගේ අත තම අතින් අල්ලාගෙන stage එක උඩට අරගනිද්දී පියතුමා අවශ්‍ය චාරිත්‍ර කරද්දී ජෙනී යුන්ගී දිහා තම වේල් එක තුලින් හිනාවෙන ගමන් බලන් ඉද්දී පියතුමා ....
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]