Author POV ," ආ ජින් ... අපි මේ ටික දවසකට UK යන්නයි හදන්නේ .." යුන්ගී එලෙස කියමින් ජෙනී සමග බෑග් මලු ටිකත් අතින් කටින් සේරම බඩු ටික එල්ල ගන්න ගමන් කියද්දී ජින් ...
" ඔහ් .... ඇයි මේ එකපාරටම හදිස්සියෙ වගේ ...." පුදුමෙන් අහනගමන් kitchen එකේ පිගන් කිහිපයක් සෝදා අතපිසලමින් අහද්දී ...
" ආ මේකනේ ජීනූ ... අපේ ඔම්මලට එයාලගේ අනාගත බෑණා පොඩ්ඩව දකින්න ආසයිලු එකයි මේ .. අපි ඉක්මනට එන්නම් .." ජෙනී හිනාවෙන ගමන් කියද්දී ආපහු දෙයක් මතක් වුණ ගමන්ම ජෙනී ...
" ආ .. මේ ජීනූ ... මීසූ ව අර ගෙදර තනියම තියන්නත් බෑනේ .. මොකද එයා ගෑණු ලමයෙක්නේ... අනික කොහොමත් එයා අපි එන්න ඉස්සර ඔයත් එක්කනේ හිටියේ ඉතින් එයාව ඔයාගේ ගෙදර තියාගන්න ... අපි ආව දවසට ආයෙත් අපේ ගෙදර එක්කන් යන්නම් .. නේද මගේ බෝල සුදු පූසෝ ..."
ජෙනී හොර හිනාවක් දාන ගමන් යුන්ගී ගේ උරහිසට තම උරහිසින් අනිද්දී යුන්ගී ..." දේ .. දේ .. අනික අපේ ඔම්මලටත් එයාලගේ ලේලීව දකින්න ඕනි කිව්වා .. ඉතින් අපි ඉක්මනට එන්න බලන්නම් නේද හනී .." යුන්ගී ජෙනීගේ කරට අත දාන ගමන් කියද්දී ජෙනී තමන්ගේ හිස උඩ පහල වනලා ....
" අපි එහෙනම් යන්නම් ජීනූ ..." කියන ගමන් යුනී කපල් එක යන්න ගිය අතරේ මීසූ තම ඇදුම් බෑගයත් අරන් ජින් ඉස්සරහට ඇවිත් හිනා වුණත් ජින් අහක බලන් ගේ ඇතුලට ගියත් මීසූ ට පිටුපාලම ...
" ඇතුලට එන්න ... අර කෙරවලේම තියෙන කාමරේ ඔයාගේ .... " ජින් තරප්පු පෙළ නගින ගමන්ම කියද්දී මීසූත් සතුටින්ම ජින් පසුපසින් ගොස් ජින්ගේ කාමරේ පහුවෙනවත් එක්කම ජින්ගේ ගෙදරට ආව දවසේ තමන්ට දැනුන අමුත්ත අදත් දැනෙන්න ගත්තා ....
ඒත් මීසූ ඒ කිසිදෙයක් ගණන් නොගෙන තමන්ට වෙන් වුණ කාමරයට ගොස් ඇදුම් ටික පිලිවලට අල්මාරියට අඩුක් කරන ගමන් ...
" අනේ මන්දා ජින් ඔයා කවදා මට කැමති වෙයිද කියලා ...." හිතන ගමන් දිගු හුස්මක් පිට කරනවත් එක්කම මීසූ ගේ phone එකට ජෙනීගෙන් msg ඇවිත් තියෙනවා දැකපු ගමන් ඒක open කරලා බලද්දී තිබ්බ දේ දැකලා හිනා ගියා ...
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]