මීසූ ඇස් අරිද්දී එතන හිටපු කෙනාව දැකලා ගැස්සුනත් මීසූගේ හිත ගොඩක් සතුටින් ඉතිරෙන්න ටික වෙලාවයි ..." ඔහ් ලීසා ... ඔයා ... ඔයා කොහොමද මං ඉන්න තැන හොයාගත්තේ ..."
මීසූ පුදුමෙන් අහද්දී ලීසා " ඔන්නී ... ඇයි ඔයාට අමතකද .. අපේ නීල චන්ද්ර පාෂාණ මුදු තියෙනකොට අපේ අය ඉන්න ඕනිම තැනක් හොයාගන්න පුලුවන් කියලා ..."
ලීසා සිනාසෙමින් කිව්වත් මීසූ ඒකට පුදුමයට පත් වුණා ..." ලීසා මගේ නීල චන්ද්ර පාෂාණ මුද්ද නැති වුණානේ ...." මීසූ පුදුමය පිරුණු දෑසින් කියද්දී ලීසා ...
ලීසා තවත් දෙයක් කියන්න ගියත් එතනට ආව ජින් " ජීසූ .. මං පොඩි දෙයක්........ ආහ් කවුද මේ ..." ජින් කිය කියා ආව දෙයත් අතරමගින් නවත්වන ගමන් අහද්දී ලීසා එතනින් දුවලා යන්න හැදුවත් මීසූ. ...
" ලීසා .. එයා දන්නවා මං mermaid කෙනෙක් කියලා ... ඒ නිසා බය වෙන්න එපා ... අනික මෙයා මගේ නම්ජාචින්ග් ...." ජින් ලගට ගොස් ජින් ගේ එක අතක් තම අතක පටලවා ගන්න ගමන් මීසූ කියද්දී ජිනුත් හිනාවෙලා ලීසා ට හිනාවෙද්දී ලීසා තම දකුණු අත පපුවේ වම් පැත්තට තියා ගනිමින් හිස මදක් පහත් කොට ජින්ට ආචාර කරද්දී මීසූ. .
" ඒ අපි ආචාර කරන විදිහ ජින්. .. ඒ වගේම මේ මගේ යොදොන්සෙන්. ." හිනාවෙලා කියද්දී ලීසා ....
" ඔන්නි.... ඔයාගේ මුද්ද නැති වුණා නම් කොහොමද මට ඔයා මෙහෙ කියලා දැනුනේ ..." ප්රශ්නාර්ථ අයුරින් මීසූ දිහා බලන ගමන් ලීසා මීසූගෙන් අහද්දී මීසූත් කල්පනා කරන අතරේ ජින් ...
" මොන මුද්දක් ගැනද ඔයාලා මේ කතා කරන්නේ .." අහද්දී ලීසා ...
" ඔප්පා .. මෙන්න මේ වගේ මුද්දක් ගැන .." ලීසා තම අතෙහි ඇති මුදුව ජින්ට පෙන්වද්දී ජින් ඒක දැකලා මීසූ ලීසා එක්ක ගේ ඇතුලට එන්න ..." කියමින් ජින් ගේ ඇතුලට දුවද්දී ලීසා සහ මීසූ ත් ජින් පස්සෙන් යන්න ගියේ ඇයි කියලා දැනගන්න ඕනි වුණ නිසයි ...
ජින් ජින් ගේ කාමරය ඇතුලට යද්දී මීසූත් ජින් ගේ කාමරයට ගියත් ලීසා කාමරයෙන් පිටතට වී සිටියා ...
" ජින් මොකද්ද ඔයා ඔය කාමරේ බඩු පෙරලන් හොයන්නේ. .. " මීසූ අහද්දී ජින් ඒක ඇහුණේ නැති විදිහට " ඒක මේ කොහේ හරි තිබුණා. .... මට මතක නෑනේ තිබ්බ තැන ..." ජින් එලෙස කියමින් හැමතැනම බලද්දී මීසූට අල්මාරිය පැත්තෙන් හැමදාම වගේ අමුතු දෙයක් දැනෙද්දී ඒක අරින්න අඒ තියන්න හදනකොටම ජින් ඇවිත් අල්මාරිය ඇරලා ඒක ඇතුලේ ලාච්චුවක දාලා තිබුණ පොඩි කලුපාට box එකක් අරන් ඒක ඇරලා ....
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]