Jin POV ,මම මගේ diary එක බලද්දී මාව මගේ පාසල් කාලයට ඇදිලා ගියේ මටත් නොදැනී ...
ඒත් මට ඒ කාලේ තරම් මං වෛර කරන කාලයක් නැතුව ඇති ...
මම diary එක දිහා ටිකක් වෙලා බලන් ඉද්දී මට ඒක ගැන ලොකු කේන්තියක් ආවා .. මං මගේ diary එකේ පිටු පොතෙන් ගලවලා අරන් ලයිටර් එකත් අරන් බැල්කනි එක ලගට ගිහින් බිම ඉදගන්න ගමන් ඒ කොල ටිකට ගිනි තියද්දී මට දැනුනා මගේ හිත ටික ටික නිදහස් වෙනවා ...
" මොකද මම ඒ ගිනි තියලා පුලුස්සලා දැම්මේ නිකන්ම කොල ටිකක් නෙවේ ... මගේ අතීතයේ අදුරැ මතකයනුයි ... "
මං එහෙම ඒ ටික පිච්චෙනකම් බලන් ඉද්දී එකපාරටම මගේ කාමරයට කබාගෙන බිදගෙන ආවේ යුන්ගී ....
" වේ යුන්ගියා ..." මං අහද්දී " ඔහ් මං මේ දුමක් යනවා දැක්ක නිසයි මේ දුවන් ආවේ .. අම්මෝ මං බය වුණ තරමක් .. ඒයි මොනවද උඹ ඔය දාගෙන ගිනි තියන්නේ ..." යුන්ගි මගෙන් එක ඇහිබැමක් උස්සලා අහද්දී මං ..
" මං ගිනි තියලා දැම්මේ මගේ අතීතයට ..."
මං එහෙම කියලා අහක බලාගනිද්දී යුන්ගි මට බැන බැන යනවා මට ඇහුනත් මං ඒක ගණන් ගත්තේ නෑ ...
මං එහෙම්ම නැගිටලා ආයෙමත් අර පෙට්ටිය ඇරලා බලද්දී අහන්බෙන් වගේ මගේ ඇස් වලට අහුවුණේ පරණ photo එකක් ඒකේ තිබුණේ මුහුද ලගට වගේ වෙන්න ...
මට එකපාරටම මතක් වුණේ මගේ හරාබොජී කිව්ව දෙයක් .. ඔව් මේ ගෙදර තමයි මගේ ඔම්මා පොඩිකාලේ ඉදන් හැදුන ගෙදර ...ඒක තිබුණේ ජේජු වල ..
මං ඉක්මනට ඇදුමක් මාරැ කරන් පහලට යනකොටම හැමදාම වගේ යුන්ගී " ඒයි උඹ මේ රෑ කොහෙද යන්න හදන්නේ ආ .. ඔහොම හිටපන් .." යුන්ගි එහෙම කියද්දී මං වෙලාව බලද්දී දැක්කේ රෑ දහයටත් කිට්ටු කරලා තියෙනවයි ..
මගේ කලබලේට මට රෑ වෙලා තියෙන්නෙත් කියලා අමතක වුණා .. මං ආපහු කාමරයට යන්න හදද්දී යුන්ගි මගේ කරට අත තියන ගමන් ...
" අද නම් උත්තර දීපන් .. උඹ දැන් කොහෙද මේ ගාල කඩාගත්ත හරකෙක් වගේ කුලප්පුව හැදිලා වගේ යන්න හැදුවේ ආ .. "
මං දන්නවා අද මං යුන්ගිට උත්තර නොදී නම් මට මෙතනින් අඩියක් හෙල්ලෙන්න වෙන් නෑ කියලා ...
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanficමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]