20🌊

80 24 88
                                    


Jin POV ,

මම උදේ නැගිටිද්දී මං ලග හිටියේ මීසූ ... එයා මගේ ලගට වෙලා ඉන්නවා දැකපු නිසා මං ගොඩක් පුදුම වුණා ....

" ආහ් .. මීසූ මොකද මේ ඔයා මං ලගට වෙලා ඉන්නේ .. අනික ඔයාගේ ඇස් නිදිමත පාටයි .... "

මං එහෙම අහන ගමන් එයාගේ මූණ අල්ලද්දීම මීසූ ...

" ජින් ඔයාට ඊයේ වුණ දේ මතක නැද්ද .... " මීසූ මගෙන් ඒ වගේ දෙයක් අහද්දී මං පුදුමෙන් මීසූ දිහා බලනගමන් ...

" මොනවා ගැනද ඔයා අහන්නේ මීසූ ... මං හැබැයි ඊයේ හීනයක් නම් දැක්කා ...." මං හිනාවෙලා කියද්දී මීසූ මං දිහා අමුතු විදිහකට මං දිහා බලන ගමන් ...

" හීනයක් ....? මොකද්ද ඔයා දැක්ක හීනේ කියන්නකෝ ..." එයා මගෙන් අහද්දී ...

" මං ඊයේ දැක්කා .. මගේ අප්පා මාවත් අරන් මගේ ඔම්මට එක්කන් යන්න කිව්වා .. ආ තව මං මුහුදට පැන්නා දැක්කා ..." මං එහෙම කියනකොටම මට කිවිසුම් යන්න ගියා ....

මීසූ මට ඉක්මනින්ම උණු වතුර කෝප්පයක් බොන්න අතට දෙද්දී මං ඉක්මනට ඒක බීලා මීසූ ට දෙද්දී මීසූ කේන්තියෙන් ...

" හීනයක් .. මරු හීනේ .. මං හිටියේ නැත්නම් ඔයා මුහුදේ ගිලිලා මෙලහකටත් .... ඒක හීනයක් නෙවේ  .. ඒක ඇත්තක් ..." මීසූ අඩන ගමන් කියද්දී මං ...

" මීසූ .. අහන්නකෝ අඩන්න එපා හරි හරි ... ඇත්තටම මට මතක නෑ .. මට කිසිම දෙයක් මතක නෑ ..." මං එහෙම කියද්දී මීසූ ...

" හරි .. මං ඔයාට සුප් එකක් හැදුවා මං ඒක අරන් එනකම් ඇදෙන් එක අඩියක් බිමට තියන්නෑ ..."

මීසූ මට දබරැගිල්ලත් දික් කරලා රවලා යද්දී මම ඇදට වෙලා කල්පනා කලේ ඇත්තටම මට මොකද වුණේ කියලා හිතන ගමනුයි ...

මම පුරුද්දට වගේ හැමදාම බෙල්ලට අත තියද්දී මගේ මාලේ අහුවුණේ නෑ ... ඊට පස්සේ මං මගේ බෙල්ල දිහා බලද්දී දැක්කේ ඒක නෑ කියලයි ...

මං ඉක්මනටම නැගිටලා ඇදෙන් බැහැලා කාමරේ බඩුත් පෙරලන්න හොයද්දී එකපාරටම මීසූ ...

" ජින්න්න් ... මං දැන් ඔයාට කියලා ගියේ මොකද්ද ආආආආ .." දුම් දාන ගමන් තිබුණ සුප් එකත් අතේ තියාගෙන මීසූ කෑගහලා කියද්දී මං ඇදට ගියා නෙවේ ඇද උඩට විසි වුණා ...

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️Where stories live. Discover now