Author POV ,ජින් ඉක්මනින් ලෑස්තිවෙලා මීසූ ලඟට එද්දී දැක්කේ මීසූත් ලෑස්තිවෙලා ජින් එනකන් පහලට වෙලා ඉන්න හැටියි ...
" මීසූ ... ඔයා ඔය ඇඳුමට ගොඩක් ලස්සනයි ..." ජින් මීසූගේ අතින් අල්ලගන්න ගමන් කියද්දී මීසූත් ජින් ගේ අත සමග ඇයගේ අතද පටලවා ගනිමින් නිවස අසල පාරට ඇවිත් taxi එකක් එනකන් බලන් ඉන්න අතරේ මීසූ ..
" ජින් .. මං කැමති ඔයත් එක්ක පාරේ අන්න අර වගේ අත අල්ලන් යන්න .." පාරේ ඇවිදින ගමන් හිටපු couple එකක් පෙන්නන ගමන් කියද්දී ජින් හිනාවෙලා ...
" ම්ම් .. එහෙනම් අපි දෙන්නත් යමු ඒ වගේ .." ජින් කියද්දී මීසූ හිනාවෙලා ඔලුව වනන ගමන් ජින් එක්ක ඇවිදින්න පටන් ගත්තා ...
පාරේ වාහනත් වැඩිය නැති නිසා මේ තරුණ couple එකට තමන්ට රිසි සේ සතුටින් කතා කරන ගමන් පාරේ ඇවිද්දී මීසූ ජින් ගේ අතත් අල්ලගෙන ඈතට ගොස් පාරේ මැද්දේ යද්දී ජින් ආපහු මීසූ ව හිනා වෙලාම ඇදලා ගත්තේ මීසූ කරන පුංචි පුංචි පිස්සු වැඩ වලට මීසූගේ ඔලුවට ටොක්කකුත් අනින ගමනුයි ....
මීසූත් ඒ රිදෙන්නෙවත් නැති චූටි ටොක්කට රිදුනා වගේ මූණත් බෙරි කරන් ජින් දිහා බලද්දී ජින් හිනාවෙලා .." පිස්සි .. " කියන ගමන් මීසූ ව බදාගෙන ඉද්දී පාරේ ගිය මිනිස්සු මේ මොන පිස්සු විකාරයක්ද මේ කරන්නේ කියලා හිතන ගමන් බල බලා ගියත් ජින් ඒ කිසි දෙයක් ගණන්ගන් නැතුව මීසූත් එක්ක ඉස්සරහටම ඇවිදින් යන්න ගියා ...
මේපල් ගස් වලින් වට වෙලා තිබුණ ඒ පොඩි තාර පාරේ ජින්සූ couple ඇවිදින අතරේ මේපල් කොල ඔවුන් දෙදෙනාව පිළිගන්න වගේ පාර දිගට වැටෙන්න ගනිද්දී ජින්සූ couple එක ඒ දිහා සතුටින් බලන් ඉස්සරහට යන්න ගියා ...
" මීසූ පැටියෝ ... ඔයා මොන මල් වලටද කැමති ..." ජින් මීසූගේ මූණ දිහා බලන් අහද්දී මීසූ ....
" මම ආසයි අන්න අර මල් වලට ...." මීසූ කොනකට වෙන්න තිබුණ සුදු පාට ටියුලිප් මල් වලටයි ...
" ඒවා විතරමද ..." ජින් අහද්දී මීසූ ... " අනී .. අන්න අරවත් ඕනි .. අරවත් ඕනි .." මීසූ එක එක ජාතියේ මල් වර්ග පෙන්වාදී ජින් ....
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]