Author POV ," යාහ් ... කම්මැලි පූස් තඩියෝ... ඉක්මනට එලියට එනවා .. තමුසේ දැන් පැය භාගයක් තිස්සේ ඕක ඇතුලේ ඉන්නේ ..පැල වෙලාද ආ .." ජෙනී යුන්ගී ට බනිද්දී යුන්ගී ..
" ඔව් මං මේ පැල වෙලා මුලුත් අල්ලලා ඉන්නේ .." යුන්ගී ජෙනීට දෙවනි වෙන්නැතුව හයියෙන් කියද්දී එතනට ආව ජින් ...
" ඔයාලට තව පැයකින් නේද flight එක තියෙන්නේ .. ඔයා තාම ලෑස්ති වුණේ නැද්ද .. අනික ඇයි මේ කෑගහන්නේ.." එලෙස අසනවිටදී ජෙනී ..
" බලන්නකෝ ජීනූ .. මේ හොර පූසා තාම washroom එකේනේ .. දැන් පැය භාගයක් තිස්සේ " කේන්තියෙන් washroom එකේ දොර දිහා බලන් කියද්දී ...
" ආ .. ඒකද මේ " ජින් එලෙස කියද්දී ම වගේ washroom එකෙන් එලියට යුන්ගී එනවා දැකපු ජෙනී ..
" මොන මගුලක් කරනවද මංදා මේක අස්සේ පැය ගාණක් තිස්සේ " කියන ගමන් යුන්ගීගේ ඇගේ හැප්පිලා ඇතුලට යන අතරේ balance නැතුව වැටෙන්න ගිය යුන්ගීව පිටිපස්සෙන් ජින් අල්ලගනිද්දී ආයෙමත් යුන්ගී ..
" මාත් ඉදලා ඉදලා දාගත්තනේ මාර මගුලක්..." කියලා හිමින් කිව්වත් ..
" යාහ් ... යුන්ගියා මට ඒක ඇහුනා ... මං තමුසෙව කෝටුමස් කරනවා එලියට ආවොත් .." ජෙනී හයියෙන් කියද්දී යුන්ගී ගේ කට නිකන් ලයිට් කණුවක හැප්පුණ ලොරි මූණක් වගේ ඇදවෙලා ගියේ " යකෝ මේ ගෑණිට කන් හතරක් තියෙනවද මෙච්චර හෙමින් කියපු එකත් ඇහෙන්න තරම් " හිමිට කියලා ඉක්මනින් එතනින් දුවලා යන අතරේ ජෙනී ..
" ඔව් .. මං සතරකන් මන්ත්රණය කලා .. ඇයි තමුසෙට මොකද " ජෙනී විලාප තියන්න ගත්ත අතරේ ජින් .." යුන්ගී ගියා ජෙනී ඔයත් ඉක්මනට wash එකක් දාලා ලෑස්තිවෙන්න " කියන ගමන් හිනාවෙලා සාලේ ජනේලයක් ලඟට යන අතරේ ...
" අම්මපා .. මුන් දෙන්නට එක තත්පරයකටවත් රණ්ඩු නොකර ඉන්න බෑනේ .. නිකන් පොර කුකුල්ලු දෙන්නෙක් වගේ " ජින් තමන්ටම කියා ගන්න ගමන් ජනේලයෙන් එලිය දිහා බලන් ඉදියා...
.
.
" යුන්ගී මගේ පූසෝ ... බඩු ටික ලෑස්තිකර ගත්තද බබා .." උදේ ඉදන් රණ්ඩු වෙවී හිටපු couple එක ආයි කිසිදෙයක් නොවුනා වගේ හොදින් කතා කරන දිහා බලන් හිටපු ජින් " මේ උදේ රණ්ඩු කර ගත්ත වුන් දෙන්නමද මේ " කියලා හිතද්දි යුන්ගී ..
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]