" මොකක්ද ... හරි මං එනවා " ජින් ඉක්මනින්ම තම වාහනයට නැගලා තමන්ගේ ගෙදරට ගියත් ඔහුට දැකගැනීමට හැකි වූයේ ...අහසට උසට බුර බුරා නැගෙන කලුදුමාරයක් සමග ගිනි ගනිමින් තිබුණ තම නිවසයි. ...
ඒ වන විටත් ගිනි නිවන හමුදාවෙන් පැමිණ තිබුණත් ගින්න නිවසෙහි ගොඩක් දුරට පැතිරී තිබුණ නිසාම නිවා දැමීමට පැය ගණනක් ගත වුණා ...
හදිස්සියෙම තමන්ට මේ මුහුණ පෑමට වූ ඛේදනීය තත්වය නිසා ඔහු තවත් කම්පනයට පත් වුණා ...
ජින්ට අනුව මේ ගෙදර එක්තරා විදිහේ තවත් එක් නිවසක්ම පමණක් නොවුනී ... මොකද ජින් පුංචි කාලයේ ඉදන් තමන්ගේ ඔම්මා වගේම හරාබොජි සමග ලස්සන අතීත මතක සටහන් වලින් පීරී ගිය ආදරණීය නිවසක් ...
නමුත් තම හරාබොජි නැති වී දින දෙකකට පසු මේ පැරණි නිවසද හරාබොජිත් මෙන්ම ගිනි ගැවී දැවී යන අයුරැ ගිනි ගනිමින් තිබූ නිවස දෙස බලන් සිටි ජින්ට හැගී ගියේ ගිනි ගනිමින් දැවී යන නිවසත් සමගම ඔහුගේ අතීත මතකයන් දැවී ගියාක් මෙනි ....
දැඩි උත්සහයකට පසු ගින්න නිවා දැමුවත් ගින්න මුලු නිවස පුරාම පැතිරිලා ගිහින් තිබුණ නිසා සම්පූර්ණයෙන්ම වගේ විනාශ වී තිබුණා ...
ජින්ට නැවතීමට තැනක් නොතිබූ නිසා " යුන්ගී ... මං ගෙදරට ගියා ඒත් මං හිතන්නේ ආපහු මට මෙහෙ ඉන්න බැරිවෙයි වගේ .."
" ආ .. මොකක් කියනදෙයක් තේරෙන්න කියහංකෝ " යුන්ගි එලෙස කියනවිටදී ජින් " මං ගෙදර යනකොටත් මගේ ගෙදර ගිනි ගන්නවා බං .. දැන්නම් නිවලා ... සම්පූර්ණයෙන්ම වගේ පිච්චලා..... ඒ ගෙදර ආයෙමත් මට ඉන්න බෑ ඒ නිසා .... මට ඉන්න තැනක් නෑ බං " ඔහු කිසිදු ගණනක් නොගෙන එලෙස කියන හැටි අසා සිටි යුන්ගී " ආ හරි .. උඹ අපේ ගෙදර වරෙන් ... මෙහෙ ඉන්න පුලුවන් .."
දුරකථන ඇමතුම එය කියනවත් සමගම විසන්ධිව ගිය ගමන් යුන්ගී " උඹ නම් හරි අමුතු මිනිහෙක් බං ... අඩුම තරමේ හා කියලවත් කිව්වේ නෑනේ මේ මනුස්සයා ... " එලෙස සිතමින් තම ගිටාරය ගෙන වයන අතරේ පිටතින් වාහනයක් එන සද්දේ ඇහෙනවත් සමගම තම දොර විවර කර එම ආව තැනැත්තාට නිවස තුලට ඒමට ඉඩ සලසා දුනි ...
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanficමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]