07🌊

102 29 93
                                    

Author POV ,

ඊලග දිනයේදී උදේම අවදි වුණ ජින් මූණකට සෝදා ලෑස්ති වෙලා අනිත් ඇඳේ සැපට නිදන් උන්න යුන්ගී දිහා බලලා ...

" අනේ මංදා ජෙනී කියනවා හරි උඹ නම් ඇත්තටම මහ කම්මැලි පූස් තඩියෙක්ම තමා " ජින්  එලෙස කියමින් පිටතට යන්න ගියි පාරේ යන taxi එකක් අල්ලගෙන ඉක්මනට තම සීයගේ පැරණි නිවස බැලීමට යාමටයි ...

පාරේ යන ගමන් තිබූ taxi එකකට අත දැමූ ජින් තමන්ට යන්න අවැසි ස්ථානයේ ලිපිනය කියද්දී එම රියදුරු සර් මේ ගෙදරට අවුරැදු ගාණකට පස්සෙයි කෙනෙක් ආවේ ..."

එලෙස ඔහු කියද්දී ජින් " හ්ම් " කියූවේ ඔහුට තවත් ඔහු සමග කතා කිරීමට අනවශය වූ නිසයි ...

" සර් අපි ආවා ..." නැවතත් රියදුරැ කියද්දී කල්පනාවේ හෝන් ජින් " ඔහ් ... ආ මෙන්න " ජින් ඔහුට මුදල් ගෙවා මලකඩ බැදී තිබූ ගේට්ටුව අරද්දී චිරි චිරි ස්දෙකින් ගේට්ටුව ඇරැනේ ජින් ඒ සද්දෙට ඇස් දෙකත් හීනි කරගනිද්දී ...

ගෙදර වල් පැලෑටි වැවී තිබුණ මිදුල හරහා ජින් ගෙදර දොර ලගට යන්න ගියා ....

Yoongi POV ,

මං උදේම නැගිටිද්දී එහා ඇඳේ ජින් ඉන්නවද බලන්න ඔලුව හරවලා බලද්දී ඌ හිටියේ නෑ ...

ඒත් මං කලබල වුණේ නැත්තේ ජින් එයාගේ සීයගේ පරණ ගෙදරට ගිහින් තියෙන්නේ කියලා මං දන්න නිසයි ...

මාත් ඉක්මනට ලෑස්තිවෙලා taxi එකට නැගලා යනගමන්ම හිතුවේ මං ආපු දවසේ ඉදන් වුණ සිදුවීම් ගැනයි ...
.
.

මම uk වලින් korea වලට ආව ගමන්ම මං හම්බ වෙන්න ගියේ මගේ ස්කූල් කාලේ ඉදන්ම හොදම යාලුවා වුණ ජින්ව ..

මට එදා දැනගන්න ලැබුණා ජින්ගේ සේරම arts ලොකු ගාණකට කෙනෙක් අරගත්තා කියලා ..

ඉතින් මං ගෙදරට ගියත් ජින් එහේ හිටියේ නැති නිසාම මං එයා නිතරම යන තැන් වල ගිහින් අන්තිමට හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්න කියලා beach එකට යද්දී මං අහන්බෙන් ජින්ව දැක්කේ ..

කොල්ලා ඉස්සර හිටියටත් වඩා ගොඩක් වෙනස් වෙලා ...පෙනුමෙන් වගේම හැසිරීමෙනුත් ...

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️Where stories live. Discover now