""පොඩි අයියා..එනවකෝ හලෝ..පැය කියක් නානවද අප්පා...මට බඩගිනි ..."""
පැයකටත් වඩා වොශ් රූම් එකේ හිටිය මන් චුටිගේ සද්දෙට ටවල් එකත් පටලන් එලියට එද්දී මේකී ඉන්නවා ඇද උඩ වාඩිවෙලා කකුලකුත් පද්ද පද්ද ...
""ඇයි මගේ කටෙන්ද කන්නේ බන්..""
""ඔයාගේ කටින් නම් නෙවෙයි තමයි ..එත් අපෙ අම්මා මට කන්න දෙන්නෙ නැ..අර කොල්ලා ගෙදරට ආව පලවෙනි දවස එ නිසා එ ලමයත් එනකම් ඉන්නවා...අරකද මේකද ඉවරයක් නැ කියවනවා....
තව ටික දවසකින් ශුවර් එකටම මමයි අයියවයි එලවලා දාලා ඔයාව මේ ගෙදර පුතා කරගන්නවා....😁"""
වතු දෙමලි වගේ එයා කියවද්දෙන් මන් ඉක්මනට ඇදුමක් අරන් වොශ් රූම් එකට ගිහින් මාරු කරගත්තේ..මේ බටු ඇටෙට මන් එයා ඉස්සරහා ඇදුම් මාරු කරත් ගානක් නැ කියලා හිතුන නිසා... ඇත්තටම ලොකු කමක් නැති බොරූ සෝබන නැති අමුතු චරිතයක්
"""මේ..ඇත්තටම තමුසෙට වයස කියද..??"
පෙනුමට හිටියට ඉතින් මේකී පොඩි එකියක්ද දන්නෑ නේ...
""බයවෙන්න එපා මට දහා අට සම්පුර්නයි... ""
""ඒකද මන් දැන් ඇහුවේ..."''
""හරි හරි ඉතින් විසි දෙකයි... ඒ යමුකෝ හලෝ ඇත්තටම බඩගිනිනිනිනි ...""
කටත් ඇදකරගෙන කියද්දි මට පව් කියලත් හිතුනා..
""හ්ම්ම්..යමු.. අයියා අවාද..??"""
""ආව්ව් ආආව්ව්ව්...කැමති නැ කැමති නැ කිව්වට හොයලා බලනවනේ...""
අම්මපා මටත් කට තියාගෙන පාඩුවේ ඉන්න බැහැනේ... දැන් ඉතින් දීපන්කෝ උත්තර
"""අනේ මේ බටු ඇටේ මනුස්සකමට අහලා බැහුවේ නැතුව අහවල් මගුලකට නෙවෙයි ....""
""හරි හරි කවුද දැන් එහෙම කිව්වේ ඉතින් ....""
අම්මපා මොකෙක් හරි මට හොද තඩි පොල්ලකින් ගහපියව් දෙයියනේ ... මේ කට අවුස්සගන්නවට වඩා හොදයි පන පිටින් වැලලෙන එක... එහෙමම මට කට කොනින් හිනාවක් දාපු එයා ඉස්සර වෙද්දී මන් පිටුපසින් ගියේ පහලට..යද්දි කෑම ටික මේසෙට ඇරලා අම්මා බලාගෙන ඉන්නවා...
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️