"""දේව්....""
ඔව් ඒ දේව්.. පිච්චිලා යන බැල්මකින් මගේ දිහා බලාගෙන හිටිය එයා අඩියට දෙකට මගේ ලගට එද්දී රියාවත් තල්ලුකරලා දාලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ට මන්
"""දේව්.. ඒ...""
"""චටාස්ස්ස්...."
මට කතා කරන්නවත් ඉඩ නොදි කම්මුල පුරා ගැහුව එයා මාව තල්ලුකරලා දැම්ම සැරට මන් ඇදිලා ගිහින් පුටුවත් පෙරලගෙන බිම වැටෙද්දී මගේ ලගට දුවගෙන ආව රියා
""Yash are you ok..??"''
මගෙ අතකින් අල්ලලා කැ ගහද්දි .. රියා දිහා බැලුව එයා ලග තිබුන මේසයට කකුලෙන් ගහද්දි ඒක පෙරරිලා යද්දි ඇහුන සද්දෙට මුලු ක්ලබ් එකම නිහඩ උනේ හැම කෙනෙක්ගෙම ඇස් මගේ දිහාවට වැටිලා තියෙද්දි ..එහෙමම වචනයක්වත් නොකියපු එයා යන්න ගියේ තවමත් බිම වැටිලා ඉන්න මගෙ දිහාවත් නොබලා .. දෙයියනේ මන් දැන් මොකද කරන්නේ.. වෙච්ච දේ මොකක් උනත් එයා දැක්කේ රියා මාව කිස් කරනවා විතරයි ....
"""'අහ්හ්.. """'
කොන්ඩෙන් ඇදගත්ත මන් රියා ගැනවත් නොබලා එහෙමම නැගිටලා දුවගෙන ගියේ ඉක්මනින් ගෙදර යන්න ...
************
වෙනදා පැයක් විතර යන ගමනට අද මට විනාඩි විස්සකටත් වඩා අඩු කාලයක් වෙද්දී . ආව විදිහවත් කල්පනවක් නොවුන මන් දෑසින් ගලන කදුලු පිහදගෙන ගේ ඇතුලට එද්දී
"""ඒ මොකක් හරි උනාද ...?? අරයා මොකද අර කගවේනා වගේ ගියේ.. මන් හිතන්නේ කමරේ අලුතින් හදන්න වෙයි ඇහුන සද්ද වල හැටියට නම් ...."'"
චුටි අහද්දි එයාටවත් උත්තර දෙන්න තරම් සිහියෙන් නොහිටිය මන් දුවගෙන ගියේ රූම් එක ලගට..වහලා තියන දොර ලගට වේලා විනාඩියක් විතර හිටිය මන් ලොකු හුස්මක් අරන් දොර අරිද්දිම දැක්ක දෙයින් දැස් ගියේ නලලට
""""දේයියනේ... දේව්... "
මුලු කාමාරේම පිස්සන් කොටුවක් වගේ.. කාමරේ තිබුන හැමදෙයක්ම කඩලා බ්දලා දාලා තියෙද්දි මගේ දැස් ගියේ වෙඩින් ෆොටො එකට ඒත් ඒක එතන නැ..වොශ් රූම් එකෙන් ආව දුමක් නිසා අඩියට දෙකට එතනට ගිය මන් දැක්ක දෙයින් මගේ කකුල් දෙකත් එක්ක් පන නැතුව යද්දි ..මන් බැලුවේ එයා දිහා ඒත්.. මගේ දිහා හැරිලවත් නොබැලුව එයා වෙඩින් ෆොටෝ එක කැලි කෑලි වලට ඉරලා ගින්දරට දාද්දී මට දැනුනේ මගේ මුලු ගතම පිච්චිලා යන හැගීමක්
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️