8 chapter ❤️

7.4K 747 26
                                    

"""අයියා..මොකද උනේ .."

දොරත් ඇරගෙන එලියට ගිය මන් ඇහුවේ අයාන්ගෙන්

""'අනේ..මු මේ එපා කියද්දී බිව්වා මල්ලි..පෙන්නැද්ද කෙලින් ඉන්න පන නැ.. "

එයා කියද්දි මන් බැලුවේ අයාන්ගේ ඇගට වාරු වෙලා ඉන්න එයා දිහා මගෙ දිහා බලන්න බැරි කමට වගේ බිම බලන් ඉන්න එයා දකිද්දී දුකත් දැනුනත් ඒත් එයා මේ වගෙ දවසකත් බොන්න තරම් තියන ප්‍රශ්නේ මොකක්ද කියලා හිතට වදදෙද්දි

"'අ..අනේ..ම්..මේ...බලපන්.....අයෑම් ෆයින් ඇන්ඩ් ඇයෑම් කෙලින්.... මූ කියන්නෙ බ්..බොරු...ම්.මැනික.. "''

වෙරි මර ගාතේ අමාරුවෙන් වචන ගලපගත්ත එයා කිව්ව වචනෙට කරන්ට් එක වැදුනා වගේ දැනුන මන් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නවා දැක්ක අයාන්

""''අනේ මේ කෙලින් හරි ඇදේන් හරි කමක්නැ උබලා දෙන්න ඔනි දෙයක් කරගනින් මාව යවලා .."""'

අයාන් කට කොනින් හිනාවෙලා කියද්දි මගෙ මුන ශුවර් එකටම රතු වෙන්න ඇති..

""ඉන්න. අයියා..මන් එයාව එක්ක යන්නම්..තැන්ක්ස් මෙයාව එක්ක ආවට..""

"""ඕක මොකක්ද කොල්ලා .. එහෙනම් මන් යනවා..හැබැයි පරිස්සමෙන් බිව්වම ඕකට කරන්නේ මොනාද කියලාවත් සිහි නැ.."

ඇහැක් ගහලා ඉගි කරපු අයාන් යන්න යද්දි .දොරත් වහලා මගෙ කර වගේ එයාගේ අතක් දාගෙන අනිත් අතෙනුත් එයාව අල්ලගෙන පඩිපෙල නැගගන්නත් ගොඩක් වෙහෙසක් දරන්න සිද්දවෙද්දිත් කොහොමෙන් කොහොම හරි කාමරයට ඇවිත් ඇදට තල්ලුකරලා දැම්මේ හිතේ තිබුන කෙන්තියටත් එක්ක...මොන මගුලක්ද යකෝ බොනවා නම් බීපන්කෝ ටිකක් හරි සිහිය තියෙන්න ...

එහෙමම එයා දාගෙන හිටිය සපත්තු දෙකත් ගලවලා දාලා බෙල්ට් එකත් ගලවලා දාපු මම.. ඇදගෙන හිටිය ශර්ට් එකේ බොත්තම් ටික ගලවලා දැම්මේ ටිකක් හරි සැහැල්ලුවක් වෙන්න උනත් ... නිරුවත් ඒ පපුව දකිද්දී දැනෙන අමුතු හැගීම්වලින් හිත පිරිලා යද්දී දෑස් පියාගෙන හිටියත් ඒ මත් වුන මුනේ තියන වේදනාව දුක පෙද්දි මගේ කදුලුත් ඉස්සර උනේ මෙච්චර විදවනවා නම් ඇයි නිකමටවත් මට කියන්න බැරි දේව් කියලා හිත අහද්දි .. 

Beating Heart (Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang