"" යශ්.. කාම් ඩවුන් මචන්.."
මාව අල්ලගත්ත වජිර කියද්දි මගේ දැස් වලින් කදුලු ගලන් ගියේ හරියට ඒක බලාපොරොත්තු වෙන් හිටියාක් මෙන්.. ජිවිතේ කවදාවත් එයා ඉස්සරහා ඇරෙන්න කාගේ ලගවත් නොඅඩපු මන් අද මුලු ලෝකයක් ඉස්සරහා අඩද්දි දැනුනේ ලොකු කලකිරීමක් පසුතැවීමක් වේදනාවක්..ඊටත් වඩා මෙච්චර කාලයක් එයා මාව රැවට්ටුවා නේද කියලා මතක්වෙද්දි හිතුනේ මීට වඩා හොදයි ඒක සැරේ මරලා දැම්මා නම් කියලා ..ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ මන් මොන පවක් කරාටද ...??
"" එතකොට ඔබ කියන්නේ ..ඔබතුමාගේ බිරිදගේ පලිය ගන්න ඇමතිතුමාගේ පුතාව කසාද බැන්දා කියලද..??""'
'' ඇයව මරලා දාන්න හේතුව මොකක්ද ..??""
'' කරුනාකරලා අදාල දේවල් විතරක් අහන්න.."""
තවමත් ඉවරයක් නැති ඔවුන්ගේ ප්‍රශ්න හමුවේ එයා එහෙම උත්තර දුන්නේ මන් දිහාවත් නොබලා.. නැ....මටත් ආයේ එයාව බලන්න උවමනාවක් නොවෙද්දී මාව අල්ලගෙන හිටිය වජිරවත් තල්ලුකරපු මන් ඒ සෙනග මැදින් ඔහේ දුවගෙන ආවේ තාමත් එ ඇහුන දේ පිලිගන්න බැරිවෙද්දි ඒ වචන තාමත් කන් ඇතුලේ දෝන්කාර දෙද්දි .. එයා මාව නවත්වන්න උත්සාහ කරෙත් නැත්තේ දැන් එයාගේ අරමුන ඉටු උන නිසා වෙන්න ඇති.. ඒක මතක් වෙද්දී ආයෙත් කදුලු අලුත් වෙද්දී
"" යශ් .. හිටපන් යකෝ..""
එහෙමම බයික් එකට නැගපු මන් වජිර කැ ගහද්දි නෑසුන ගානට එතනින් ආවේ මොනාද කරන්න ඕනි කියලා නොතෙරෙද්දී ..... ඒත් එකවරම මතක් උන දේ නිසා මන් බයික් එක හැරෙව්වේ දේව්ලගෙ ගෙදරට යන පාර පැත්තට ...
******
ඉගිල්ලිලා වගෙ ආව මන් විනාඩිගානකින් දෙව්ලගේ ගෙදර මිදුලේ බයික් එක නතර කරද්දී වෙනදා දැනුන හැගීම් ඒ සැනසිම අද නැතිවෙද්දි මට දැනුනේ පිලිකුලක් කේන්තියක් විතරක්ම වෙද්දී මන් ඇතුලට යද්දිම
"" චුටි පුතා... සිද්ද උන දේ ගැන...""
අඩාගෙන වගේ මගේ ඉස්සරහට ආව අම්මා කියන්න යද්දි කවදාවත් නැතුව එයත් එක්ක වගේම මේ මුලු ගෙදර ගැනම ඇතිඋනේ තරහවක්.
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️