එදාගෙන් පස්සෙ දවස් ගානක්ම ගෙවිලා ගියේ ගොඩාක් වේගෙන් කියලත් හිතුනා. හැබැයි මේ ටික දවසට එයයි මමයි ගොඩාක් ලන් උනා කියලා හිතට දැනූනෙ එයාගේ හැසීරීම නිසාමයි.. හැමදාම ඒ වගේ සතුටින් ඉන්න තියනවා නම් කොච්චර හොදයිද කියලා හිතුනු වාර අනන්තයි..ඒත් ඉතින් එහෙම වෙන්න නම් ඉතින් මේක දිව්‍යලෝකයක් හරි සුරන්ගනා ලෝකයක් හරි වෙන්න ඕනි.. ප්‍රශ්න නැත්නම් මිනිස්සුත් නැ මිනිස්සු නැත්නම් ප්‍රශනත් නැ මට හිතුනේ එහෙම ..
කලින් වගේ නැතුව එයා උදේම වැඩට ගියත් හවසට ටිකක් කලින් එන්න පුරුදු වෙද්දී . ඇවිත් ටිකක් වෙලා හරි මාව තුරුල්කරන් ඉද්දි දැනෙන හැහීම කියාගන්න බැ.. මන් හැමදාම හෙව්වෙ ඒ වගේ ආදරයක් ඒ වගේ රැකවරනයක්..ඔව් ඒක මට දැන් දේව්ගෙන ලැබේනවා..එත් හිතේ කොනක මොකක්දෝ අමුතු හැගීමක් හැම මොහෙතෙම දැනෙන්නේ නිකන් මේ තියන සතුට තව ටික කාලයයි තියෙන්නේ කියන්න වගේ.. එදාගෙන් පස්සේ අර මගුල් මුද්ද ගැනවත් අහන්න් ගියේ නැත්තේ මොහොතකටවත් ඒ සතුට නැතිකරගන්න අකමැති නිසා.. එයාත් එ ගැන මට කියන්න ගියේ නැ අඩුම තරමේ එහෙම දෙයක් උනාද කියලාවත් එයාට මතක නැ ..
***************
"" මොකෝ උදේ පාන්දර කල්පනාව.. තව කසදයක්වත් කරගන්න හිතෙනවද..??
කල්පනා ලොකේ හිටිය මන් මේ ලොකේට ආවේ දේව්ගේ හඩට..
"" හ්ම්ම් ඔව්..කරගත්තා නම් හොදයි තමයි ..""
"" අහ්හ් ඇත්තට.. එහෙනම් ඉතින් ඒ ඔය ඇස් දෙකින් මේ ලොකේ දකින අන්තිම දවස කියලාත් මතක තියාගත්තොත් හොදයි.. ""
"" තියන නපුරුකම ..'"
"" එහෙම තමයි මම.. මගේ දෙවල් මට ඇරෙන්න වෙන කාටවත් දෙන්න බැ..""
"" අද වැඩට යන්නේ නැද්ද ..??"
ඒ කතාව මග හැරලා මන් ඇහුවේ නැත්නම් ඉතින් ඔය කාතාව කතවකින්ම විතරක් නවතින්නේ නැති බව දන්න නිසාමයි...සාමන්‍ය ඇදුමක් ඇදගෙන ඉන්න එයාගෙන් මන් අහද්දි
"" නැ අද පොඩි වැඩ වගයක් තියනවා ..එනිසා ස්ටේශන් එකට යන්නේ නැ..""
"" හ්ම්ම්.. "
""මන් ගිහින් එන්නම් හොදද පරිස්සමෙන් ඉන්නවා .."'
මන් ලගට ආව එයා මගෙ තොල් මතින් චුටි කිස් එකක් තියලා යන්න යද්දි මන් බලන් හිටියේ ඒ රුව දිහා.. විනාඩියක් විතර වහලා දාලා තියන රූම් එක දිහා බලන් හිටිය එයා යන්න යද්දි .. මන් ආයෙත් පුරුදු විදිහට මේක ඇතුලේ තනි උනේ මහා මූසල කමකින්..
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️