දෙයියනේ මොකක්ද මේ..
ඒ තිරයේ දිස් උනේ තරුන ගෑනු කෙනෙක්ට වද දිලා අවසානේ වෙඩි තියලා මරලා දාන විඩියෝ ඒකක්.. ඔව් දෙයියනේ ඒත්...විශ්වාස කරන්න ඒ වෙන කව්රුත් නෙවෙයි තාත්තා වගේම සිරිල් අන්කල්..... කොහොම විශ්වාස කරන්න්ද කියලා හිතාගන්න බැරි උනා..
ඒත් වාරතාකාරයෝ අපි හැමෝවම වටකර ගද්දී අම්මා මගේ අතින් තද කරලා අල්ලගත්තේ උන දේ ගැන අදාහාගන්න බැරිවෙද්දි ...තවමත් ඒක දැක්ක මගේ දෑස් පවා විශ්වාස කරගන්න බැරිවෙද්දි මන් බැලුවේ මේ වේලාවේ ඉන්න එකම පිහිට දේව් නිසා..සෙනග අතරින් එයාව හෙව්වත් පෙනතෙක් මානෙක එයා නැතිවෙද්දි දැනුනේ අසරනකමක් ...
වාරතාකාරයෝ වගේම එතන හිටිය අනිත් අයත් දිගින් දිගට එක පිට එක ප්‍රශ්න අහද්දි මෙච්චර වෙලා හරි උජාරුවෙන් උත්තර දුන්න තාත්තා පවා ගල්ගැහිලා වගේ බලන් හිටියේ සිද්ද උන දේ අදහාගන්න බැරිවෙද්දි මට දැනුනේ එයා ගැන ලොකු පිලිකුලක් ....ඔව් දෙයියනේ මෙච්චර දවසක් එයා ගැන දුක් උනත් දැන් මට දුකක් නැ කොහොමද එයා තාවත් මස්සයෙක්ව මෙහෙම අමු අමුවේ මරලා දාන්නේ දෙවියනේ .. මිනිහෙක්ට මෙච්චර දරුනු වෙන්න පුලුවන්ද ..??
මොන කරුමයක්ද මේ උනේ දෙවියනේ ..ඒත්...කවුද මේක මෙතනදි ප්ලේ කරේ..මේක live යන මාධ්‍ය හමුවක් නිසා මේ වෙද්දී මුලු රටම මේක දකින්න ඇති ..
"" අම්මා..""
කරකියාගන්න දෙයක් නැතුව මන් අසරන වෙද්දී මගේ අතින් අල්ලගෙන හිටිය අම්මා සිහි නැතුව ඇදවැටෙද්දි .. එයාව අල්ලගත්ත මන් එහෙමම ඉද්දි කොහේදෝ ඉදලා දුවගෙන ආව වජිර මාගේ ලගින් ඉදගද්දි දැනුනේ ලොකු සහනයක් ..
"" දෙයියනේ යශ්..මොකක්ද බන් මේ උනේ..""
මටත් වඩා උ බයවෙලා කියලා ඒ මූන දකිද්දී හිතුනා.
"" මන් ද..දන්නෑ බන්.. මන් දන්නෑ..කොහොමද යකෝ මෙහෙම දෙයක් උනේ.. උබ දේව්ව දැක්කද වජිර..ප්ලීස් අම්මව මෙතනින් ගෙනියන්න උදව් කරපන් එයාට සිහිය නැ...""
මට කතා කරගන්න බැරිව වචන පාවා පැටලෙද්දි.. ඌ අම්මව දෝතට අරන් අමාරුවෙන් වාරතාකාරයෝ මැද්දෙන් යද්දි මාත් ඌ පස්සෙන් ගියේ අසරනව ..තාමත් තාත්තව වටකරගෙන ප්‍රශ්න අහද්දි මට කරගන්න දෙයක් නැති උනා දෙයියනේ ..
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️