""දේව්ව්ව්..""
අහ්හ්..මේ මනුස්සයා කොහේ අන්තරස්දන් උනාද..?? කාමරෙට ආවත් එයා පෙන්න නැතිවෙද්දි මන් බැල්කනි එකේ බැලුවත් එහෙත් නැති නිසා වොශ් රූම් එක ලගට යද්දි ඇහුනේ ශවර් එකේ වතුර වැටෙන හඩ වෙද්දී එහෙමම ඇදට ඇවිත් ඉදගත්ත මන්
"" ඒකත් හොදයි තෙමිලා ඔලුව සීතලවෙලා ගියම ගිනි පුපුරන තරහා නිවිලා යයිනේ..""
එහෙම හිතපු මන් ෆෝන් එක අරන් වජිරට කෝල් එකක් ගන්න හදද්දිම වොශ් රූම් එකේ දොර්රෙ ලොක් එක ඇරෙන සද්දෙට එ දිහා බලන් ඉද්දි නලා තෙත් කොන්ඩෙත් එක්ක කලු පාට ටවල් එකකුත් වැටෙන්න ඔන්න මෙන්න වගේ ඇදගෙන ඉද්දි වැහෙන්න ඕනි දේවල් පවා බාගෙට එලියට පෙද්දි සත්තයි කටෙ කෙලත් හිදුනා.. ෆෝන් එකත් අතේ තියාගෙන දේව දූතයෙක් හැබහින් දැක්කා වගේ එයා දිහා දෑස් දෙකත් ජිල්බෝල සයිස් කරගෙන ඇහිපිය නොගහා බලන් හිටිය මන්
"" තමුසේ තව කොච්චර වේලාවක් ඔහොම බලන් ඉන්නද හිතන් ඉන්නේ අහ්හ්... '''
එයාගේ හඩට ගැස්සිලා යද්දි ..මන් එයා දිහා බැලුවේ ඇස් කොනින්.සැක් වස ලැජ්ජාව යකෝ.. කොච්චර ඇස්පිනා යන දර්ශනයක් උනත් ඔහොම කෙල පෙරාගෙන බලාගෙන ඉන්නවද හරකෝ... මන් ඔලුව එහෙට මෙහෙට දෙසැරයක් විතර හොලවලා පියවි සිහියට එද්දී කට කොනින් නෝන්ඩි හිනාවක් දාගෙන මන් දිහා බලන් ඉන්න එයා දකිද්දී මෙතන්ම වැලලෙන්න හිතුනේ..
"" ඔයා යන්නද...?""
කලින් තිබුන තරහා පිරුනු මුන දැන් හොයන්නවත් නැ.. ශුවර් එකට නාද්දි වතුරත් එක්ක සේදිලා යන්න ඇති ...ඒ කතාව මගහරින්න ඕනි නිසා මන් ඇහුවේ කොහෙන්ද මන්දා හොයාගෙන එයාගේ ඇදුමක් අතේ තියාගෙන ඉන්න එයාගෙන්..අහ්..සමහර විට වාහනේ තියෙන්න ඇති ඕක අස්සේ ඉතින් නැති මගුලක් නැහැනේ ....
"" හ්ම්ම් ඔව්..""
"" අනේනේනේ...."""
නොදැනිම මට කියවුනේ එයා යනවා කියලා දැනුන දුකටම වෙද්දී එයත් පුදුමෙන් වගෙ බලන් හිටියේ මන් දිහා
"" ඇයි මොකද ..??""
""නිකන්.. යන්න එපා..""
"" ඇයි ඊයේ කනටත් එකක් ගහලා එලවගන්න හැදුවේ ..දැන් මොකො එකපාරටම එපා කියන්නේ ..""
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️